Colombo Today Local News

රිෂාඩ්ගේ සොහොයුරා නිදහස් කිරීම සැක සහිතයි

කලින් සාක්ෂි තිබෙන බව පවසා අත්අඩංගුවට ගෙන රඳවා සිටි හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කිරීම පසුපස දේශපාලන ‘ඩීල් එකක්’ ඇතැයි තමන්ට සැක හිතෙන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසනවා.

පසුගිය (03)දින පෙරවරුවේ කොළඹ අගරදගුරු නිවෙසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවැසුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ අදාළ පරීක්ෂණ නිසි පරිදි සිදුකරන ලෙස තමන් ඉල්ලා සිටින බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි ඇතැයි ආරක්ෂක ප්‍රධානීන්, අපරාධ පරීක්ෂණ අංශ නිලධාරීන් එදා අප සමඟත්, ප්‍රසිද්ධියේත් ප්‍රකාශ කළා.

වීඩියෝ දර්ශනයක් පෙන්වමින් අගරදගුරු හිමිපාණෝ මෙසේද කීහ.

“දැන් ඔවුන් නිදහස් කර තිබෙන්නේ කොහොමද? මේවා සැකයට තුඩුදෙන කාරණා.

ප්‍රහාරයෙන් පීඩාවට පත් වින්දිත පවුල්වල සාමාජිකයන් පවා කලකිරීමට, වේදනාවට පත්ව සිටිනවා. ප්‍රහාරය ගැන සැක සංකා ඇති නොවන ලෙස පරීක්ෂණ කරගෙන යන ලෙස අප ඉල්ලා සිටිනවා.

මේ සිදුවීම ගැන කනගාටුවත්, අප්‍රසාදයත් පළ කර සිටිනවා.

Related posts

රනිල් ඉවත්ව යනහැටි සජීවීව පෙන්නන්න අරලියගහ මන්දිරය වටා සිරස කැමරා අටවාගෙන ඉදලා..

colombotoday

ඩිලාන් පෙරේරා ඉවතට… ශ්‍රීලනිපයට නව මාධ්‍ය ප්‍රකාශකයෙක් පත් කරයි

colombotoday

පොත් අලෙවිසැලකට ආ නාදුනන පුද්ගලයකුගේ පිහි ඇනුමෙන් දෙදෙනෙක් රෝහලේ

Admin

බුද්ධි තොරතුරු මත සිදුකළ මෙහෙයුමකින් මිලියන 20ක් වටිනා කේරළ ගංජා ඇතුළු කහ තොගයක් අත්අඩංගුවේ

colombotoday

ඒකාබද්ධ විපක්ෂය කලු පටි බදී.. පාර්ලිමේන්තුව අත්හිටුවයි

colombotoday

ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් බිඳවැටේ

colombotoday