Colombo Today Local News

රිමාන්ඩ් නාකොටික් නිලධාරීන්, ජාවාරම්කරුවන් සමග එක්වී මුහුදෙන් හෙරොයින් තොග පිටින් මෙරටට ගෙන්වලා

දැනට රිමාන්ඩ් භාරයේ සිටින නාකොටික් නිලධාරීන්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්වී මුහුදු මාර්ග ඔස්සේ හෙරොයින් තොග පිටින් මෙරටට ගෙන්වා ඇති බව අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් වෙත දන්වා සිටියේය.

මෙම සැකකරුවන් එලෙස මත්ද්‍රව්‍ය රටට ඉතා සූක්ෂමව රැගෙන විත් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව මහා පරිමාණ ජාවාරම් කර තිබෙන බවට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දන්වා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයන්ට ඇප ලබාදීමට විෂ ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය ආඥා පනත යටතේ මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් තිබෙන හෙයින්, ඔවුන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, සැකකාර නාකොටික් නිලධාරීන් 13 දෙනා මෙම දෙසැම්බර් 07 වැනි දින තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළේය.

රටේ පවතින කොවිඩ් වයිරසය හේතුවෙන් සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබූ අතර නඩු කටයුතු ස්කයිප් තාක්ෂණය ඔස්සේ සිදුකෙරිණි.

Related posts

වැට් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

Admin

දෙගල්දොරුව ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin

පළාත් කිහිපයකට මි.මී 150 ඉක්මවු මහ වැසි

colombotoday

සංහිදියා පොලීසියට බොදු බලෙන් ටියුෂන් (Video)

colombotoday

දේශපාලන බැටළු හම අන්දවා කොටි හපුවන් එළියට දමමුද?

colombotoday

මගේ මතය ජනතාව පිළිගන්නවා.. මට ඡන්දෙ දෙන්නේ ඒනිසයි – රාජිත

colombotoday