Colombo Today Local News

රාජිත තවමත් හැංගිලා – අත්අඩංගුවට ගැනීමේ ආරක්ෂක අංශ මෙහෙයුම් දිගටම

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා පෙරේදා (24දා) නියෝග කළද අද (26දා) පෙරවරුව වන විටත් එවැනි අත්අඩංගුවට ගැනීමක් වාර්තා නොවීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හිටපු අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිල නිවස වෙත සහ බේරුවල පිහිටි ඒ මහතාට අයත් නිවසට ඊයේ (25දා) ගියද ඒ මහතා එම නිවෙස්වල නොසිටි බව වාර්තාවෙයි. මේ නිසා හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමක් තවමත් සිදු නොවුණි.

පුද්ගලයන් සුදු වෑන්වලින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහන වැවකට දැමූ බව සඳහන් කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ සිද්ධියට හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය නියෝග කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Related posts

සිමෙන්ති මිල රු. 500 කින් ඉහළට

colombotoday

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති විරෝධතාවක…

Admin

ශ්‍රීලනිප ය බේරා ගැනීමට බදියුදීනුත් එයි !

colombotoday

ඤාණසාර හිමිට මඩ ගහන්න ගිය ITN මාධ්‍යෙවේදියාට ඉදුරාගාරේ හිමි දුවන්න දෙයි

colombotoday

සජබේ ඉන්න බුද්ධිමත් මෝඩයෝ මෙන්න

Admin

ධම්මික පෙරේරා 21 දිවුරුම් දෙයි

colombotoday