Colombo Today Local News

රාජිත ගැන විපක්ෂයේ දෙබිඩි කතා මෙන්න

රාජිත ගැන විපක්ෂයේ දෙබිඩි කතා පිලිබඳව අද (15) දින ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයයේ පැවැත්වූ මාධ්‍ය හමුවක දී නීතිඥ උදය ගම්මන්පිල මහතා අදහස් දැක්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා…

මහෙස්ත්‍රාත්වරියක් විසින් 2019 දෙසැම්බර් මාසයේ දී රාජිත සේනාරත්න මැතිතුමාට ඇප ලබාදුන් විට එජාපය කිව්වේ අධිකරණය ස්වාධීනයි අධිකරණ තීන්දු අපි හිස නමා පිලිගන්නවා කියලා. නමුත් ඒ මහෙස්ත්‍රාත්වරියම රාජිත මැතිතුමාව සති දෙකකට රක්ෂිත බන්ධනාගාර ගත කළාම එජාප නායකයින් විසින් අපි රාජිතට සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. මේක දේශපාලන දඩයමයක් යනා දී වශයෙන් අවලාද නගනවා. එකම මහෙස්ත්‍රාත්වරියගේ තීන්දු දෙකක් දෙවිදිහට විග්‍රහ කරන්න එජාපයේ නායකයින්ට දිව දෙකක් තිබෙනවා ද කියන ප්‍රශ්නය අපට මතු වෙනවා.

මහෙස්ත්‍රාත්වරිය විසින් රාජිත ඇමතිතුමාට ඇප ලබා දීමට එරෙහිව මහාධිකරණයට ප්‍රතිශෝධිත අයදුම්පතක් ඉදිරිපත් කලේ නීතිපතිතුමන්. ඔහුගේ ඇප අවලංගු කළ යුතු යැයි තීරණය කලේ ගරු මහාධිකරණය. වත්මන් නීතිපතිතුමන් පත් කලේත් අධිකරණ සේවා කොමිසම පත් කලේත් එජාප ආණ්ඩුවෙන්. ඒ නිසා නීතිපතිතුමන් සහ අධිකරණයේ තීන්දු විවේචනය කරන්න ඔවුන්ට කිසිම අයිතියක් නෑ. ඒ නිසා මේ නීතිපතිතුමන් සහ මේ ගරු අධිකරණය දේශපාලන දඩයමක් කරනවාය පළිගැනීමක් කරනවාය කියලා කියන්න එක්සත් ජාතික පක්ෂයට කිසිම අයිතියක් නෑ.

Related posts

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 21ක් දක්වා ඉහළට

colombotoday

කුරුණෑගල මහවීදිය තාවකාලිකව වසා දැමීමට පියවර

colombotoday

අතවශ්‍ය කාරණාවකට හැර ත්‍රිකුණාමලය ට පැමිණීමෙන් වළකින්න | නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලීමක්

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

පොදු ජන පෙරමුණ මහරගමට මෝටර් බයිසිකලයෙන් එයි

colombotoday

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස හෙට දිවුරුම් දෙයි

colombotoday