Colombo Today Local News

රවීගේ ඇමති ආරක්ෂකයෝ පාසල් ආරක්ෂාවට යවනවලු

පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ දිවයිනේ පාසල් සිසුන්ට දැඩි ආරක්ෂාවක් සැපයියයුතු බැවින්, ඒ සදහා සහායක් වශයෙන් තමාගේ ආරක්ෂාව තමා විසින් සපයා ගනිමින්, තම ඇමති ආරක්ෂක නිලධාරීන්ද ඒ සදහා අනුයුක්ත කිරීමට තමා අදහස් කර ඇතැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහාත සඳහන් කරයි.

ම්ලේච්ඡ ත්‍රස්ත ක්‍රියා හමුවේ දින ගණනනාවක් වසා තැබූ පාසල්, මේ මස 06 සදුදා නැවතත් ආරම්භ කිරීමට රජය විසින් තීරණය කර ඇති බව පවසන අමාත්‍යවරයා, පාසල් දරුවන් ත්‍රස්තයන්ගේ ඉලක්ක වීමට ඉඩ ඇතැයිද පවසයි. ඒ නිසා පාසල් නැවත ආරම්භ කිරීමට ප්‍රථම පාසල් සහ අදාළ භූමිය විශේෂ ආරක්ෂක සෝදිසියකට භාජනය කළයුතු අතර පාසල් ආරම්භ කිරීමෙන් පසුවද දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙලක් අනුගමනය කළයුතුයැයි අමාත්‍යවරයා පවසයි.

රටේ පවතින අර්බුධකාරී වාතාවරණය හමුවේ සමස්ථ දිවයිනේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ නිලධාරීන් දිවා රෑ නොබලා රාජකාරියේ යෙදී සිටින අතර දීවපව්‍යාප්ත පාසල් ජාලයේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂාව සැපයීමේදී ඊට සහායක් වශයෙන් තම ආරක්ෂාව සදහා රජය විසින් ලබාදී ඇති ඇමති ආරක්ෂක අංශ නිලධාරීන්ද ලබාදීමට තමා කටයුතු කරන බව අමාත්‍ය කරුණානායක මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

Related posts

පූර්ණ ජනාධිපති සමාව ඉල්ලන්න රංජන් ජනාධිපති කාර්‍යාලෙට

Admin

හකීම්ගේ හෙංචයියන් 481 ක් නීතිවිරෝදී ලෙස ජල සම්පාදන මණ්ඩලයේ ස්ථිර කරයි?

colombotoday

සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් ඇද වැටී දරුවෙක් රෝහලේ…

Admin

රවී පාර්ලිමේන්තුවට

Admin

BREAKING – ‘දෙමුහුන් යුද අධිකරණයක් එපා’ – පාර්ලිමේන්තුව කල් තබයි

colombotoday

එදා නරක අද හොද පෝට් සිටී නැවත ඇරඹේ

colombotoday