Colombo Today Local News

රයන් වැන්රොයන් ලබන 25 වැනිදා දක්වා යලි රිමාන්ඩ්

රංගන ශිල්පී රයන් වැන්රොයන් මහතා ලබන 25 වැනිදා තෙක් තව දුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ ආරියසේන පනංගල මහතා අද  (11)  නියෝග කළේය.

දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායක මාකදුරේ මදුෂ් සමග ඩුබායි හී දී අත්අඩංගුවට පත් ඔහු එරටින් පිටුවහල් කිරිමෙන් පසු පොලීසිය සැකපිටඅත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව එම සැකකරු ඉකුත් 05 වැනි දින මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත්කළ අවස්ථාවේදී අද (11) වන තෙක් රිමාන්ඩ් භාරයට පත් කරන ලදි.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු මාතර අධිකරණය වෙත කැදවා ගෙන විත් ඉදිරිපත් කළේය.

සැකකරුට අයත් බව කියන මෝටර් රථය තුළ තිබී කේරල ගංජා මිලි ග්‍රෑම් 5750 ක  ප්‍රමාණයක් පොලීසිය සොයා ගෙන තිබුණි.

එම මෝටර් රථය ඩුබායිහීදී අත් අඩංගුවට පත් අමිල ප්‍රසංග හෙට්ටිගේ නොහොත් සන්ෂයින් සුද්දා යන අයට අයත් මිරිස්සේ හෝටලයක දමා ගොස් තිබියදී පොලීසිය සොයා ගෙන තිබුණි.

අදාල මෝටර් රථය ලියාපදිංචි කර තිබුණේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ කාන්තාවකගේ නමට බව පොලීසිය සදහන් කරයි.

මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතාගේ උපදෙස් මත වැලිගම මූලස්ථාන පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

Related posts

කොන්ක්‍රීට් ස්ලැබ් එකක් මතින් වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

Admin

අයවැය ප්‍රකාශය : ලබන වසර තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බව විශ්වාස කළ හැකියි

Admin

මහ කන්නයේ සිට එළවළු ගොවීන්ටත් යුරියා පොහොර අඩුවට දෙන්න තීරණයක්

Admin

ගම්පහ අධිකරණය අසලදී වෙඩි කෑ ‘පස් පොඩ්ඩා’ මරුට

colombotoday

රතුපස්වල වෙඩි තැබීම සම්බන්ධයෙන් ගෝඨා අත්අඩංගුවට ගැනීමට සූදානම් !!

colombotoday

මධූෂ් ඩුබායි සිට මෙහෙයවු බව කියන අපරාධ 4 ක් ගැන පරීක්ෂණ අරඹයි

colombotoday