Gossip

රයන්ගේ එකම දියණිය රයන් ගැන කිවුව දේ

මුලින්ම කියන්න ඔබ කවුද කියලා?

මම රයන් වැන්රෝයන්ගේ එකම දුව නටාලි වැන්රෝයන්.

ඔබේ පවු‍ලේ තව කවුද ඉන්නේ?

අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි. මල්ලි තවම පාසල් යනවා.

නටාලි රැකියාවක් කරනවාද?

ඔව්. මම රැකියාවක් කරනවා.

රයන් වැන්රෝයන් තවම විවාහ වෙලා නැහැ කියලයි බොහෝ දෙනා හිතාගෙන හිටියේ. රයන් වරක් ප්‍රකාශ කළා ඔහු තවමත් තනිකඩයි කියලා. ඇයි ඔහු තමන්ගේ දරු පවුල ගැන තොරතුරු වසං කළේ?


ඒක අපේ පවු‍ලේ හැමෝම එකතු වෙලා ගත් තීරණයක්.

මොකද මමයි, මල්ලියි චුට්ටක්වත් කැමැති නෑ ප්‍රසිද්ධියට. මට වුණත් ඕනෑතරම් රඟපෑමට ආරාධනා ඇවිත් තියෙනවා. ඒත් මම ඒවාට කැමැති නැහැ. ඒ නිසා අපි තාත්තාට කියලයි තියෙන්නේ එයාගේ පාඩුවේ වෘත්තිය කටයුතු කරගෙන යන්න කියලා. හැබැයි මමයි, මල්ලියි රයන් වැන්රෝයන්ගේ දරුවන් කියලා කලා ක්ෂේත්‍රයේ අය නම් දන්නවා.

අද වෙද්දී රටේම කතාබහට ලක්වෙලා තියෙන සිදුවීමකට ඔබේ තාත්තා මැදිවෙලයි ඉන්නේ. කොහොමද ඔබ දැනගත්තේ තාත්තා ඩුබායිහිදී අත්අඩංගුවට පත්වෙලා කියලා?

ඒ ගැන අපි දැනගත්තේ ෆේස්බුක් එක සහ ගොසිප් වබේ අඩවිවලින්. මුලින්ම පෙබරවාරි 5 වැනිදා උදේ මට ආරංචි වුණා අමල් අන්කල්ට (අමල් පෙරේරා) මේ වගේ කරදරයක් වෙලා කියලා. ඒ වෙලාවේ මම අමල් අන්කල්ගේ පුතා නදීමාල්ට කෝල් කළා. මොකද නදීමාල් මගේ හොඳම යාළුවෙක්. නදීමාල්ගේ ෆෝන් එක ඕෆ් කරලයි තිබුණේ. ඊට පස්සේ මම නදීමාල්ගේ හොඳම යාළුවට කෝල් කළාම එයා කිව්වා ‘නංගි, නදීමාල් ඩුබායි ගියා’ කියලා. එතකොට තමයි මම දැනගත්තේ නදීමාලුත් එතැන ඉඳලා කියලා. එදා දවල් දෙකට, තුනට විතර තමයි ගොසිප් සයිට්වලින් අපි දැනගත්තේ තාත්තත් එතන ඉඳලා තියෙනවා කියලා.

තාත්තා මේ වගේ ගමනක් යනවා කියලා පවු‍ලේ අයට කියලා තිබුණේ නැද්ද?

ඩුබායි ෂෝ එකකට යනවා කියලා තාත්තා අපට කියලා තිබුණා. ගිය අවුරුද්දෙත් තුන් හතර වතාවක්ම තාත්තා ෂෝස්වලට ඩුබායි ගියා. ඒ ඇරෙන්න වැඩි විස්තරයක් තාත්තා අපට කියලා තිබුණේ නැහැ. මොකද සාමාන්‍යයෙන් අපි තාත්තා යන එන තැන් හොයන්නේ නැහැ. මම ෂිෆ්ට් එකට තමයි වැඩ කරන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට මට තාත්තව ගෙදරදී මුණ ගැහෙන්නේවත් නැහැ.

අවසාන වශයෙන් නටාලිට මොනවද කියන්න තියෙන්නේ?

මගේ තාත්තා කවදාවත් කාටවත් වැරැද්දක් කරන කෙනෙක් ‍නෙවෙයි. තමන්ට හම්බ වෙන්නේ කීයද ඒක තාත්තා අනුන්ගේ යහපත වෙනුවෙන් වියදම් කරනවා. තාත්තා ගියේ ෂෝ එකකට. ෂෝ එකකට යද්දී ඒකේ සංවිධායකයන් හරහා තමන්ට අවශ්‍ය මිල මුදල් ගැන කතා කළාට පස්සේ ඉන් එහාට දෙයක් කලාකරුවන් දන්නේ නැහැ. මේ කතා කරන මොහොත වෙනතුරුත් අපි දන්නේ නැහැ තාත්තා මොන විදිහේ තත්ත්වයකින්ද ඉන්නේ කියලා. මොකද අපිට කවුරුවත් නිල වශයෙන් මේ ගැන දැනුවත් කරලා නැහැ. අද අපි හුඟක් අසරණ වෙලයි ඉන්නේ.

Related posts

92 දී රියදුරු බලපත්‍රය ගන්න ගිය ආච්චි

colombotoday

ලක් විරු සගයකු සමග අහසින් පැන්න ‘කමාන්ඩෝ’ යුද සුරතලියක් ඉතිහාසගත වාර්තාවක – PHOTO

colombotoday

“ඔබේ ආදරේ සයුරක් වගේ” – ශනුද්‍රි කියන ඒ කතාව Video

colombotoday

සජීවී ප්‍රසංගයක කවිබන කියන චාමර රණවක

colombotoday

රෝහිත රාජපක්ෂ මංමුලා වෙලා! (VIDEO)

colombotoday

නැගිටින්න හදන අයට මෙන්න අත.. “අපි වෙනුවෙන් අපේ තැනක්“ බුකිය කළඹන නව රැල්ලක් !

colombotoday