Colombo Today Local News

රනිල්-සජිත් සාකච්ඡා අසාර්ථකයි… මහ මැතිවරණයට සජිත් වෙනම සන්ධානයකින් !

රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්සත් ජාතික පක්ෂය නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් සිදු කරන ලද සාකච්ඡා අසාර්ථක වූ බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට පක්‍ෂ නායකත්වය නොලැබුණහොත් ඉදිරි මහ මැතිවරණයට තරග කරන්නේ ඔහුගේ ප්‍රධානත්වයෙන් යුත් නව සංධානයකින් බවද මන්ත්‍රීවරයා පැවසීය.

මෙම නව සන්ධානයට සහාය ලබා දෙන්නේ යයි එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ නායකයන් දැනටමත් එකඟවී ඇතැයිද ඔහු කියා සිටියේය.

මෙම තීන්දුව සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස් දෙනකු පමණ සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දුන් නොලැබෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී වෙනම තරග කිරීමට ඔවුන් සියළුදෙනා ඒකමතිකව තීරණය කර ඇති බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේය.

Related posts

අක්‍රීය බැංකු ගිණුම්වල ඇති මුදල් රජයට පවරාගනී… ජනවාරි 1දා සිට ක්‍රියාත්මකයි

colombotoday

පීකොක් මැදුරේ තටාකයේ රත්තරන් නෑ.. පොලීසිය මුට්ටි 2ක් සොයාගනී

colombotoday

හිටපු CID ලොක්කා ශානි අබේසේකරට අභියාචනාධිකරණයෙන් ඇප

colombotoday

තනතුරින් ගියත් හිටපු ඇමැතිවරු තවමත් නිල නිවාස වල

colombotoday

සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් ලෙස ඩඩ්ලි සිරිසේන ගැන ආඩම්බරයි – මැඩිල්ලේ හිමි

colombotoday

දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව

colombotoday