තලතා අතුකෝරාල මංත්රීවරිය පැවසූ පරිදි රනිල් සජිත් යන දෙපාර්ශවය යලි එක්විය යුතු බව රාජිත සේනාරත්න මහතා යලිත් අවධාරණය කර ඇත.
සජිත් ප්‍රේමදාස මෙම එකතු වීමට අකමැති නමුත් ජනාධිපති සටන ඉදිරියට ඇදී යාමේදී තවත් සජබ මංත්‍රීවරු කිහිප දෙනෙක් යලි එජාපය හා එක් වීමට සූදානමින් සිටින බව හෙතෙම වැඩි දුරටත් අවධාරණය කලේය.
පක්ෂය තුල විවිධ බලවේග වර්ධනය වෙමින් තිබුනත් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීම පිළිබඳව විශ්වාසයෙන් සිටින නිසා මෙම මංත්‍රීවරුන්ට තීරණයක් ගැනීමට නොහැකිව අතරමංව සිටින බව රාජිත සේනාරත්න මහතා වැඩි දුරටත් පවසා සිටියේය.