Colombo Today Local News

රනිල් නැවත අගමැති වුණොත් එක මොහොතක් ජනපති පුටුවේ ඉන්නෑ… මා මැරුවත් රට ෆෙඩරල් කරන්නෑ – ජනපති දැඩි තීන්දුවක

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙන් නැවත අගමැති කළහොත් තමා ජනාධිපති පුටුවේ පැයක්වත් නොසිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවේදී ප්‍රකාශ කර ඇත.

තමා 2015 ජනවාරි අට වැනිදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර එක්තරා තද බල පියවරක් ගත් බවත්, අද ගෙන ඇත්තේ ඊටත් වඩා තද බල පියවරක් බවත් පවසා ඇති ජනාධිපතිවරයා එසේ කළේ රටත් ජනතාවත් ගැන සිතා බව ද සඳහන් කර තිබේ.

තමා 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කර සිටියදී එජාපයේ ලේකම්වරයකු තමාට ලිපියක් ගෙනැවිත් දුන් බව පවසා ඇති ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කළ යුතු බව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අහවල් වගන්තිය යටතේ ජනාධිපති සතු බලතල අගමැතිවරයාට පවරණ බවට අත්සන් කරන්නැයි එහි සඳන්ව තිබූ බව ද පවසා ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කළ හැකි නමුත් ඒ කියන ආකාරයට ජනාධිපති බලතල ඔහුට පැවරිය නොහැකි බවත් සඳහන් කරමින්, තමා එජාප නායකයින් වෙත ලිපියක් යැවූ බවද ජනාධිපති සිරිසේන මහතා සඳහන් කර ඇත. රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ ඒ ආකාරයෙත් බව පවසා ඇති ජනාධිපතිවරයා තමා පසුගිය වසර තුන හමාර ගත කළේ ඉතාම අසීරුවෙන් බව ද සඳහන් කර තිබේ. මේ තත්ත්වය හමුවේ තමා, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළේ තවදුරටත් ඊට ඉඩදිය නොහැකි නිසා බව ද ජනාධිපති සිරිසේන මහතා පවසා ඇත.

Related posts

ලංකාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට පාකිස්තානයෙන් ඉහළම සම්මානයක්

colombotoday

අවසන් විධායක ජනාධිපති

Admin

ඩොලර් නැතිව බොරතෙල් නැවක් දින 44ක් මුහුදේ.. ප්‍රමාද ගාස්තුව ඩොලර් ලක්‍ෂ 66ක්

Admin

“ප්‍රභාකරන් මගේ සතුරෙකු නොවේ.. ප්‍රභාකරන්ට වඩා මහින්ද ද්‍රෝහියෙක්, දුෂ්ඨයෙක්” – ෆොන්සේකා

colombotoday

කසුන් කල්හාරගේ පියා එච් එම් ජයවර්ධන සමුගනියි

colombotoday

වරාය පොදු සේවක සමිතියෙන් හෙළිදරව්වක් !!

colombotoday