Colombo Today Local News

රනිල්ට නොතීසි

එළඹෙන සැප්තැම්බර් මස 04 වනදා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අද නොතීසි නිකුත් කෙරුණා. ඒ, හිටපු අග‍්‍රාමාත්‍යවරයා අද දින එම කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්. මේ අතර පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස ද හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අද කැඳවීමක් කර තිබුණා. එහෙත්, ඒ මහතා අද දිනයේදී පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියේ ද නැහැ.

මේ අතර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රවුෆ් හකීම් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සැප්තැම්බර් මස 09 වනදා හෝ 11 වනදා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අද නැවතත් නොතීසි නිකුත් කෙරුණා. හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික‍්‍රම සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් අද පෙරවරුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. ඒ, ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක කළ පැමිණිල්ලකට අදාළවයි.

දිවිනැගුම, දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමේ දී ස්වෙච්ඡුාවෙන් ඉවත්වූ සේවකයින්ට වන්දි සහ පාරිතෝෂික දීමනා ලබාදීම හා ‘‘ඉසුරුමත් නිවාස ව්‍යාපෘතියෙන්” සහන ලබාදීමේ සිද්ධීන්වලට, දේශපාලන බලපෑම් මත තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ බවට වෛද්‍ය නිහාල් ජයතිලක එම කොමිසට පැමිණිලි කර තිබුණා.

Related posts

මහනුවර නගර සීමාවේ අවදානම් තත්ත්වයේ පවතින ගොඩනැගිලි හඳුනාගනී

colombotoday

දැරියක් ලිංගිකව විකුණු සහ මිලදී ගත් පිරිසක් අත්අඩංගුවට. – චිවරධාරියෙකුත් ඒ අතර

colombotoday

ජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයි

colombotoday

ජනපතිට නොබෙල් තෑග්ග දීමට යෝජනාවක්

colombotoday

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19කට තුවාල

Admin

තිලංගගේ ක්‍රිකට් විශ්වවිද්‍යාල හැදිල්ලක් ගැන රන්ජන්ගෙන් හෙළිදරව්වක් (Video)

colombotoday