Colombo Today Local News

රනිල්ගේ, අකිලගේ කැබිනට් යෝජනා දෙකක් මෛත්‍රී විසි කරයි

අගමැති රනිල් සහ අමාත්‍ය අකිල විරාජ් ගෙනා කැබිනට් පත්‍රිකා දෙකක් ගැන කැබිනට් හමුවේ විශේෂ අවධානය යොමුවූ අතර එයට ජනාධිපතිවරයා සිය දැඩි විරෝධය පල කිරීම නිසා හකුලා ගැනීමට සිදුවූ බව වාර්තාවේ.

ඉන් එක් කැබිනට් පත්‍රිකාවක් වූයේ රැකියා විරහිත උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩසටහන යටතේ මුල් අදියර ලෙස උපාධිධාරීන් 5,000ක් බඳවා ගැනීමයි.

“මේ උපාධිධාරීන් බඳවා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉස්සරවෙලාම අභ්‍යන්තර අය ගැන බලන්න ඕනෑ.

බාහිර උපාධිධාරීන්ට වඩා මුල් තැන දෙන්න ඕන. දෙගොල්ලන්ම කලවම් කර ගත්තම හරියන්නේ නෑ.” ශ්‍රී ලනිප ඇමැතිවරයකු කීවේය.

“ඔව් අභ්‍යන්තර උපාධිධාරීන්ට මුල් තැන දෙන්න ඕනෑ” ජනාධිපතිවරයාද ඊට මැදිහත් විය.

මේ අය බඳවා ගනිද්දී පනවපු කඩඉම් ලකුණුවලත් ප්‍රශ්නයක් තියෙනවා. මඩකළපුවෙන් විතරක් 934ක් තේරිලා, පොළොන්නරුවෙන් ඉන්නේ 32යි. ඒ විතරක් නොවෙයි උපාධිධාරීන් වැඩිම පිරිසක් ඉන්න කුරුණෑගලින් 300ක් . තවත් ඇමැතිවරයෙක් කිවේය.

“මේ කඩඉම් ලකුණු හරියට හදලා ලබන සතියට වර්තාවක් කැඳවන්න” ජනාධිපතිවරයා එම යෝජනාව සලකා බැලීම පසුවට කල් තිබ්බේය.

ඇමැති අකිලද කැබිනට පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. ඒ උසස් පෙළ පාසල් දරුවන්ට ටැබ් පරිගණක ලබාදීම සදහාය. මෙම යෝජනාවටද ඇමැතිවරුන් කිහිප දෙනකු විරුද්ධව අදහස් දක්වන්ට විය.

“මේක බජට් එකේ තිබුණු යෝජනාවක්” ඇමැති අකිල, විරෝධය මැද කීවේය.

“ටැබ් පරිගණක දෙන්න කලින් පාසල්වල බලන්න හුඟාක් දේවල් තියෙනවා. සමහර ඉස්කෝලවලට හරිහැටි වැසිකිළි කැසිකිළි පද්ධතියක්වත් නෑ. විදුලිය නෑ. ගොඩනැඟිලි නැති පාසල් කොච්චිර තියෙනවාද? ඉස්සරවෙලා ඒ ටික කරලා ඉන්න” ජනාධිපති මෛත්‍රි එසේ පැවසූ අතර පැමිණි විරෝධය හමුවේ එම යෝජනාවද ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

“නායකතුමාගෙයි, මහ ලේකම්තුමාගෙයි දෙන්නගෙම යෝජනා දෙක විසි උනා” කැබිනට් හමුව අතරතුර ඇමැතිවරු පිරිසක් කසුකුසු ගාන්නට වූහ.

Related posts

නැව් අනතුරුවලින් වුණ හානි සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

Admin

කවුරුත් සගවන අලුත්ගම ජිහාඩ් භීෂණයේ ඇත්ත කතාව (Video)

colombotoday

මහින්දගේ ආශිර්වාදය ලැබෙනවානම්, ජනාධිපතිවරණයට තරඟ කරන්න මම සූදානම්

colombotoday

තමාගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන මන්ත්‍රී උද්දික කතා කරයි

Admin

සෙනසුරාදා සිට අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවිය හැකියි

colombotoday

දුම්රිය හරස් මාර්ගයක නඩත්තුවක් හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට සීමා

colombotoday