Colombo Today Local News

රනිල්ගෙන් මෝදිට ලිපියක්

ඉන්දියාවේ කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දීය හමුදා නිලධාරීන් පිරිසක් රැගත් රථ පෙළක් ඉලක්ක කර ඉකුත් දා එල්ල වූ ප්‍රහාරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, අදාළ ප්‍රහාරය පිළිබඳ පුවත අසා තමන් මහත් කම්පාවට පත්වූ බවයි.

මෙම කණගාටුදායක අවස්ථාවේ විපතට පත්වූවන්ගේ පවුල් සමග මෙන්ම ඉන්දීය රජය සමග ශෝකය බෙදා ගැනීමට තමන් මෙන්ම සමස්ථ ශ්‍රී ලංකා ප්‍රජාවද එක්ව සිටින බව එම ලිපියේ සඳහන්.

එමෙන්ම ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා කලාපීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඕනෑම අවස්ථාවකදී ඉන්දියාව වෙත පූර්ණ සහය ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.

Related posts

මෝදිගෙන් ගෝඨාභයට සුබ පැතුම්

colombotoday

විමල් වීරවංශ නිදොස් කොට නිදහස්

Admin

අම්බලන්තොට ප්‍රා.ලේ. කාර්යාලයේ සේප්පුව කෑඩු හොරු මාට්ටු

Admin

කෝච්චි නෑ.. සාමාන්‍ය පෙළ සිසුන්, රාජ්‍ය-පෞද්ගලික සේවකයන් අනාථයි !

colombotoday

නිවාර් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

colombotoday

මන්ත්‍රීවරයෙකුගේ පසුම්බිය කොල්ල කා බේරේ වැවට තල්ලු කල කතක් අත්අඩංගුවට

colombotoday