එළැඹෙන ජනාධිපතිවරණයේදී තම සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාට ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
‘විජයධරණී’ සංවිධානයේ ජාතික මහ සමුළුව කොළඹදී අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.
එම සංවිධානයේ ප්‍රතිපත්ති ප්රකාශණයද එහිදී පිලිගන්වන ලදී.