Colombo Today Local News

රට පුරාම කොරෝනා පැතිරිලා.. ජනතාවට සත්‍ය වහන්න සෞඛ්‍ය ප‍්‍රධානීන්ට මාධ්‍ය සාකච්චා තහනම් කරලා

අද වන විට රට පුරා කොරෝනා වසංගතය පැතිරී ගොස් ඇති බවත් එසේ රටම අනාරක්ෂිත වීමට වත්මන් ආණ්ඩුව වගකිව යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

කොරෝනා වසංගතය රටපුරා උඩු දුවා ඇති බවත් අද රට පුරා තැනින් තැන කොරෝනා රෝගීන් මතුවන බවත් පැවසූ ඔහු වත්මන් ආණ්ඩුවේ නායකයන් එහි සම්පූර්ණ වගකීම භාරගත යුතු බවද කියා සිටියේය.

රටම අවධානම් සහගත තත්ත්වයට පත් වෙමින් තිබියදී රජය මේ ගැන වගකීම් සහගත පැහැදිලි ප්‍රකාශයක් සිදු කර නැති බවත් සෞඛ්‍ය ඇමැතිවරියද කෙටි උත්තර දී මග හරින බවද ඔහු පැවසීය.

අද වන විට සෞඛ්‍ය අංශ වල ප්‍රධානීන්ට මාධ්‍ය සාකච්ඡා තහනම් කර ඇති බවට දැනගන්නට ඇති බවත් ජනතාවට සත්‍ය දැන ගැනීමේ අයිතිය ද මේ ආකාරයේ සම්බාධක දැමීම අනුමත කළ නොහැකි බවත් ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මහලේකම්වරයා මෙම අදහස් පල කළේය.

Related posts

පා. මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ජනතාව ප්‍රකෝප කරමින් තිස්ස විහාරයට එරෙහිව විරෝධයක

Admin

කබ්රාල්ගේ පත්වීම වළකන්නැයි, ඉල්ලූ රිට් ආඥා පෙත්සම සලකා බැලීම 7 වැනිදා

colombotoday

උපාධියක් අරන් ගෝඨා 2020 ජනාධිපතිවරණයට !!

colombotoday

කොලොන්නාවේ තැපැල් කාර්යාලය 7 ක් වසා දමයි

colombotoday

ජනතාවට රිලව් එක්ක මාස 6ක් ඉන්න බැරිකමක් නෑ

Admin

පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලී 7ක් මරුට

colombotoday