Colombo Today Local News

රටින් පැන්න ලඩියාගේ වත්කම් පොලිස් භාරයට

විදේශ රටකට පලාගොස් සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දිනමුල්ල කංකානම්ලාගේ නලීන් චතුරංග නොහොත් ලඩියාගේ සහායකයින් තුන්දෙනෙකු අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී ලඩියා නැමැත්තාට අයත් මත්ද්‍රව්‍ය ජාවාරම් හා කප්පම් මගින් උපයාගත් මුදල්වලින් මිලදී ගනු ලැබූ බස් රථ 03 ක් ද එහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ලඩියා නැමැත්තාට අයත් බව කියන ඉඩම් ඔප්පුවක් ද සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් අද (14)දින කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

අද පාර්ලිමේන්තුව ආරම්භ වේ

Admin

ප්‍රදේශ 14කට නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

colombotoday

වැල්ලේ සෙල්ලම් කළ 20 ක් අත්අඩංගුවට

colombotoday

ආගමට මුල්තැන දෙමින් ගෝඨාභය 69 සමරයි..

colombotoday

10%ක් ඉන්ටර්නෙට් පාවිච්චි කළොත් දළ දේශීය නිෂ්පාදිතය 1.2%කින් වැඩිවෙනවා – හරීන්

colombotoday

වැලිමඩ, බෝගහකුඹුර ජුම්මා පල්ලියේ භූගත කාමරයකින් කඩු, කිණිසි, පොරෝ ඇතුළු අවි ආයුධ තොගයක් එළියට…

colombotoday