Colombo Today Local News

රජය හොර රහසේ ප‍්‍රදේශ වසා දමනවා දෙවැනි රැල්ල සඟවන්න.. තුන්වැනි රැල්ලත් එනවා

මෙරටට කොරෝනා දෙවන රැල්ලක් පැමිණියේ ආණ්ඩුවේ වරද නිසා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

රජය විසින් හිතුවක්කාරී ලෙස සමාජ සීමා ලිහිල් කිරීම කළහොත් දෙවැනි රැල්ලෙන් නොනැවතී තෙවැනි රැල්ලක් ද පැමිණිය හැකි බව ඔහු පවසයි.

කොරෝනා වසංගතය පාලනය කළ බව ආණ්ඩුව දිගින් දිගටම කිව්වද නමුත් එවැන්නක් සිදුවී නැති බව ද පැවසූ ඔහු අදටද රටේ ප්‍රදේශ කිහිපයක්ම ලොක්ඩවුන් කර ඇතැයිද පවසයි.

ආණ්ඩුව විසින් සමහර තැන් නොකියාම හොර රහසේ වසා දමමින් දෙවැනි රැල්ල සඟවන්න උත්සාහ ගනිමින් සිටින බවද ඔහු කියා සිටියේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ජනපති කාර්යාලයේ සියලු පිවිසුම් විරෝධතාකරුවෝ අවහිර කරති

colombotoday

බැදුම්කර හොර ගැසට් එකට නම දැම්මාට මහින්ද නඩු යයි

colombotoday

කිව්.ආර්. වලින් පිට වැඩ කළ ඉන්ධන පිරවුම්හල් 40ක බලපත්‍ර අත්හිටවයි

Admin

බෙදුම්වාදී ඊළාම් ඩයස්පොරාවට වඩා ශක්තිමත් සිංහල ඩයස්පොරාවක් දැන් ඉන්නව – බෙංගමුවේ නාලක හිමි

colombotoday

ග්‍රාම නිලධාරීන් සාමදාන විනිශ්චයකාරවයෙක් කරයි

Admin

යාපනයේ ජීව මෝටාර් උණ්ඩය පුපරවයි

colombotoday