Colombo Today Local News

රජය විසින් ආරම්භ කල එළවලු මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සාධනීයයි – ජනතා විමුක්ති පෙරමුණ

එළවලු පලතුරු , ගොවියා ළගට ගොස් මිළදී ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා.

නාමල් කරුණාරත්න මහතා ඊයේ දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ රජය විසින් ආරම්භ කල එළවලු මිලදී ගැනීමේ වැඩපිළිවෙළේ සාධනීය ලක්ෂණ පවතින බවයි.
නමුත් එහි තවත් දියුණු කල යුතු පැති කිහිපයක් පවතින බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

එළවලු හා පලතුරු තොග රටපුරා ඛෙදාහැරීම සදහා රජය සතුව ඇති වාහන යොදා ගන්නා ලෙසත් රටපුරා විහිදුනු දුම්රිය මාර්ග පද්ධතිය ද උපයෝගී කරගෙන අඩු ප්‍රවාහන වියදමකින් එළවලු හා පලතුරු ඛෙදාහරින ලෙසත් ඒ මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.
එසේම රජයේ මෙම එළවලු මිලදී ගැනීමේ වැඩපිළිවෙල මාතලේ දිස්ත්‍රික්කයට පමණක් සිමා නොකල යුතු බවයි නාමල් කරුණාරත්න මහතා පැවසුවේ.

රටේ කෘෂිකර්ම අමත්‍යවරයා චමල් රාජපක්ෂ මහතා බවත් නමුත් දඹුල්ලේ රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට ඒ සදහා බලයක් ලබා දී ඇත්ද යන්න පැහැදිලි කරගත යුතු ප්‍රශ්නයක් බවත් නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.

දේශීය එළවළු ගොවියා ගේ සියලුම එළවළු තොග රජය විසින් මිලදී ගැනීමේ වැඩපිළිවෙල ඊයේ සිට ආරම්භ කෙරුනා.

Related posts

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීමට රජය සැරසේ

colombotoday

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 45ක්

Admin

ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගෙන්නූ සිද්ධියට හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුත් අත්අඩංගුවට

Admin

බරපතල ජාතික උවදුරක පෙරනිමිති !.. හිටපු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් නිධි ඇති බවට තහවුරු වෙයි… ලංසු කැදවීම මැයි මසදී….

colombotoday

ශිෂ්‍යත්වය අහෝසි කරනවාට ගුරු සංගම් හරහට හිටී…

colombotoday