Colombo Today Local News

රජයේ අවශ්‍ය සහයෝගය දෙන්නේ නම්, පැලවත්ත කිරි රටටම දෙන්න සූදානම්

රජය විසින් අවශ්‍ය යපහසුකම් සලසා දෙන්නේ නම් ශ‍්‍රී ලංකාවටම අවශ්‍ය කිරි ලබා දීම සදහා තම සමාගම සුදානම් බව පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීලී වික්‍රමනායක මහතා සදහන් කරයි.

අද වන විට මෙට කිරි දෙනුන් අවශ්‍ය තරම් කිරි ලබාදෙමින් තිබෙන බවත් එළැඹෙන මාසය වෙද්දී මහපාරේ කිරි හැලීමට ගොවීන්ට සිදුවනු ඇතැයිද ඔහු පවසයි.

මෙරටට අවශ්‍ය කිරිපිටි, දියර කිරි, චීස්, බටර් ඇතුළු කිරි නිෂ්පාදන 100%ක් සපුරාලීමට තම සමාගමට හැකියාව ඇතත් දේශීය වෙළෙඳපලේ ඉඩක් නැතිකම නිසා විශාල වශයෙන් බටර් අපනයනය කරන බවත් සභාපතිවරයාවැඩි දුරටත් කියා සිටියේය.

මේ දිනවල දිවයින පුරා පැලවත්ත නිරිපිටි සදහා අධි ඉල්ලුමක් ඇතිව තිබෙන අතර සියළු වෙලදසැල්වල පැලවත්ත කිරි දිනක් දෙකක් ඇතුලත අලෙවි වී අවසන් වෙති.

වික‍්‍රමනායක මහතා දේශීය නිෂ්පාදන හා සමාගම් වෙනුවෙන්ම පිහිටුවාගත් මවුබිම ලංකා පදනමේ සභාපතිවරයාද වෙයි.

Related posts

කුඩා දරුවන් අතර පැතිරෙන රෝගයක්

colombotoday

ඇමතිකම ලැබේද ? රවී ගැන නීතිපති වාර්තාව අද!

colombotoday

මුසම්මිල් වයඹෙන් ඌවට යවයි – කොල්ලුරේ වයඹට

colombotoday

විජාතික අදහස්වලට නැමෙන්නේ නැති නායකත්වයක් රටට අවශ්‍යයි – ගෝඨාභය රාජපක්ෂ

colombotoday

හරීන්ගේ තනතුර නලීන් බණ්ඩාරට

colombotoday

Covid 19: නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දමයි

colombotoday