Colombo Today Local News

යෝෂිත – සජීවගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව මහ පරිමාණ හෝටලයක් තමාට අයත් බව කියමින් තමා වෙත එල්ල කරන ලද අසත්‍ය හා පදනම් විරහිත, අපහාසාත්මක ප්‍රකාශයක් වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ මහතා සිය නීතිඥයන් මඟින් පරිසරවේදී සජීව චාමිකර මහතා ගෙන් දින හතක් තුළ රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

සිංහරාජ වනාන්තරය තුළ යොෂිත රාජපක්ෂ මහතාට අයත් හෝටලයක් ඇති බවත්, සිංහරාජය හරහා මාර්ගයක් ඉදි කරනු ලබන්නේ ඊට ළඟාවන මාර්ගයට සම්බන්ධ කිරීමට බවත් සජීව චාමිකර මහතා 2020.08.19 වන දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණි.

එම ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව ප්‍රකාශ කරන යෝජිත රාජපක්ෂ මහතා එය පදනම් විරහිත චෝදනාවක් බව ප්‍රකාශ කරමින්, ඉන් තමාට හා තමාගේ චරිතයට සිදු වූ පුද්ගල හානිය සම්බන්ධයෙන් රුපියල් මිලියන 500 ක මුදලක් වන්දි වශයෙන් ඉල්ලා මෙම එන්තරවාසිය යොමු කර තිබේ.

එමෙන්ම, මෙම ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව පිළිගනිමින් තමා‌ගෙන් සමාව ගැනීම, මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය හා වෙබ් මාධ්‍යයන්හි මෙම අසත්‍ය පුවත පළ කර ඇත්නම් එය ඉන් ඉවත් කරන ලෙස අදාළ ආයතන හෝ පාර්ශවයන් දැනුම්වත් කිරීම හා අදාළ පුවත ඉවත් කිරීමට කටයුතු කිරීම, අදාළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව මාධ්‍ය නිවේදනයක් මඟින් මාධ්‍ය වෙත දැනුම්වත් කිරීම, යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නැවත පදනම් විරහිත චෝදනා සිදු නොකරන බවට ප්‍රකාශ කිරීම දින 07ක් ඇතුළත කෝටි 50 ක මුදලක් වන්දි වශයෙන් ලබාදීම, යනාදී කරුණු ඇතුළත් එන්තර වාසිය සේවා දායක නීතීඥ සමාගම විසින් අද (24)දින පරිසරවේදී සජීව චාමිකර මහතා වෙත යොමු කර ඇත.

Related posts

පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටුව අසල විරෝධතාවක නිරත පිරිසක් අත්අඩංගුවට

colombotoday

ලංවිම ට ගෙන ආ ප්‍රමිතියෙන් තොර ජෙනරේටර් 50ක් ගැන කෝප් කමිටුවේදී හෙළිවෙයි..

colombotoday

මංගලගේ යෝජනාවට රවීගෙන් විරෝධය… කැබිනට් හමුවේ ගාලගෝට්ටියක්….

colombotoday

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රට බාරදෙන දවස අත ළගයි” – ආර්ථික විශේෂඥ ආර් එම් බී සේනානායක

colombotoday

කොරෝනා පළමු මරණය වාර්තා වන විට රෝගීන් ප්‍රමාණය 113 දක්වා ඉහලට

colombotoday

අවුරුද්දක් අඩු නොකලානම් අදත් ජනපති මමයි… 19ට මම විරුද්ධයි – මෛත්‍රී පශ්චාත්තාප වෙයි

colombotoday