හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාගේ විදෙස් නාවික හමුදා පුහුණුවීම් හතරක් සඳහා රුපියල් ලක්ෂ 222ක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නැගුණු පැනයකට පිළිතුරු අමාත්‍යවරයා, තරුණයන් තුළ හමුදාවට බැඳීමේ රුචිකත්වය වැඩිකිරීම සඳහා ඔහු නාවික හමුදාවට බඳවාගෙන අදාළ කටයුතු සිදුකරගෙන ඇති බවද මෙහිදී කියා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස මහතා අදාළ ප්රශ්නය යොමුකර තිබිණ.