Colombo Today Local News

යෝජනා සම්මත කළත් රනිල් අගමැති කරන්න බෑ

2018 දෙසැම්බර් 12 වන දින රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පල කරලා යෝජනාවක් සම්මත කරන්න නියමිතයි.  එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව ඒ යෝජනාව සම්මත කළාට පස්සේ ඊට සහය පල කළ මන්ත්‍රිවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු ගොනු කිරීමටත් නියමිතයි.  නඩුවෙන් ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරන මෙන් උසාවි නියෝගයක් ලබා දෙන ලෙසයි. නමුත් උසාවිය එහෙම නියෝගයක් ලබා දෙන්න අගමැති ධූරයේ පුරප්පාඩුවක් තිබෙන්න ඕනෑ.  නමුත් දැනට අගමැති තනතුරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නවා.

අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ලෙස කටයුතු කිරීම වලක්වන බවයි.  එහෙම නැතුව අගමැති ධූරයෙන් ඉවත් කරලත් නෑ. තනතුර අහිමි වුණු බවට ප්‍රකාශ කරලත් නෑ. එහෙම කළ හැක්කේ නඩුව අසා අවසන් වීමෙන් පසුව පමණයි.  මේක හරියට විනය පරීක්ෂණයක් කරන විට වැඩ තහනම් කරනවා වගේ වැඩක්. තනතුර අහිමි වන්නේ විනය පරීක්ෂණයෙන් වැරදිකරු වුණොත් විතරයි. නමුත් ඒ කාලය තුල ගෙදරට වී තනතුරේ සිටිනවා මිස තනතුරේ රාජකාරි කරන්න බෑ.  මහින්ද රාජපක්ෂ මැතිතුමාට වෙලා තිබෙන්නෙත් අන්න ඒ වගේ වැඩක්. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, පස් වතාවක් අගමැති වීමේ ශ්‍රී ලංකා වාර්තාවට තව ඉවසන්න වෙනවා.

Related posts

ගාල්ලේ පාසල් තවදුරටත් වසා තැබීමේ තීරණයක්

colombotoday

ඕෂධීට නාමයෝජනා දී ඇත්තේ නාමයෝජනා මන්ඩලයේ බූරුවෙක්..- බැසිල්

colombotoday

”වසර 07ක් යනතුරු මැතිවරණවලට තරඟ කරන්න බැහැ” – අධිකරණ ඇමති කියයි

colombotoday

ඇමති මංගල කාදිනල්තුමාට කල අපහාසය රජයේ මතයද? – මහින්ද විමසයි

colombotoday

අනිද්දා පැය 10ක ජල කප්පාදුවක්

Admin

හමුදා පොලිස් සෙබලෙක් අයිස් සමග අත්අඩංගුවට

Admin