Colombo Today Local News

යහපාලන රජයේ හිතවත්කමට පත් කළ තානාපතිවරු 30 ක් ශ්‍රී ලංකාවට කැඳවයි

පසුගිය රජය විසින් තම පෞද්ගලික හිතවත්කම් මත රටවල් කිහිපයකට පත් කළ තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ විදේශ සේවා නිලධාරීන් රැසක් එම ධුරවලින් ඉවත් කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇත.
 
ඒ අනුව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 30 දෙනකු ලබන වසරේ (2020) ශ‍්‍රී ලංකාවට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය අවධානය යොමුකර තිබේ.
 
ඔවුන් අතර රුසියාවේ තානාපති ලෙස කටයුතු කරන දයාන් ජයතිලක, ඔස්ටේ‍්‍රලියාවේ මහ කොමසාරිස් ජේ. සී. වැලිඅමුණ, ඔස්ටේ‍්‍රලියාවේ කොන්සල් ජෙනරාල් ලාල් වික‍්‍රමතුංග, ඉන්දියාවේ මහ කොමසාරිස් ඔස්ටින් ප‍්‍රනාන්දු, නෝර්වේ තානාපති අරුෂා කුරේ යන මහත්ම මහත්මීන් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ලන්ඩන් නුවර ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉහළ තනතුරක් දරන ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ බෑණාට ද, ඇමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලයක් මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ බිරිඳ වන සොනාලි සමරසිංහ මහත්මියට ද ලබා දී ඇති අතර, ඔවුන් ද එම තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

හදවත් ඇති මිනිසුන්ගේ මනුසත් ක්‍රියාන්විතය මල් ඵලගැන්වෙයි.. අපේක්ෂාවන් දල්වමින් පෙට් ස්කෑන් යන්ත්‍රය ජනතාවට පිදෙයි

colombotoday

අර්ජුන්ට පැන යන්න ඉඩ දෙන්නෑ.. ජාත්‍යන්තර පොලීසිය ලවා අත්අඩංගුවට ගන්නවා

colombotoday

තෙවරප්පෙරුම ඉල්ලා අස්වෙයි…

colombotoday

ලක්ෂ 107 ක කේරළ ගංජා තොගයක් සෝමතීව් දූපතේදී අල්ලයි

colombotoday

නිරෝධායනය මගහැරි ඉතාලියෙන් ආ 170ක් රට පුරා නිදැල්ලේ !

colombotoday

යෝෂිත වෙනුවෙන් විරෝධය පෑ ක්‍රීඩකයන් හතරකට තරග තහනමක්!

colombotoday