Colombo Today Local News

යහපාලන ප්‍රගතිය මනින්න අලුත් මීටරයක් එයි

meaterයහපාලනයක් පිලිබඳ පොරොන්දුවක් දී බලයට පත් වූ රජයට වසරක් පිරුණු අවස්ථාවේදී 2015 ජනවාරි මස  “යහපාලන විමසුම” (Good Governance Watch -GW   ) නම් සංවිධානයක් බිහි කරන බව එහි සංවිධායකයෙක් ColomboToday වෙත පැවසීය.

යහපාලන රජයට සිය පොරොන්දු ඉටු කිරීමට ඉවසිලිමත්ව වසරක් ලබා දුන් බව ප්‍රකාශ කරන එම සංවිධානය කිසිදු පක්ෂ දේශපාලන හෝ ජාත්‍යන්තර සංවිධාන වල න්‍යායපත්‍ර වල ට යටත් නොවී යහපාලනය වෙනුවෙන් කටයුතුකරන් බව පවසයි. පුද්ගලයින් හෝ සංවිධාන ගොඩ නැගීම වෙනුවට යහපාලනය ගොඩ නැගීම වෙනුවෙන් තම සංවිධානය පෙනී සිටින බවත් මෙහිදී රජයේ දේශපාලකයින්, විපක්ෂයේ දේශපාලකයින් හා රාජ්‍ය නිලධාරීන් පමණක් නොව රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශය හා ආගමික ආයතන ඇතුළු මහජනතාවට  බලපාන සියලු අංශ කෙරෙහි සිය දැල පතුරවන බව ප්‍රකාශ කරයි.

මුල් වසර  කිසිදු ආකාරයක ප්‍රසිද්ධ පෙනී සිටීමකට මෙම සංවිධානය හෝ එහි නියමුවන් බලාපොරොත්තු නොවන බවත් ඉන්ටෙර්නෙට් හා සමාජ ජාල ඔස්සේ සිය කටයුතු සංවිධානය කොට මෙහෙයවන බවත් එම සංවිධානය නිවේදනයක් නිකුත් කරයි. සියලුම රජයේ, පෞද්ගලික අංශයේ, ආගමික ආයතනවල, සිවිල් සංවිධාන තුල GW කව ඇති කරන බවත්, යහපාලනය පිලිබඳ ජනතාව දැනුවත් කරන බවත්, යහපාලනය විනාශ කරන සියලු බලවේග හෙළි කරන බවත් එම සංවිධානය පවසයි.විදේශ රටවල් කිහිපයක සිට අප්‍රසිද්ධව මෙම මෙහෙයුම් 2016 වසර තුල ක්‍රියාත්මක කරන බව මෙම සංවිධානය තවදුරටත් පවසයි.

Related posts

සටන් කරනවා. නැත්නම් මියයනවා. – පෙරටුගාමීන් ප්‍රහාරයකට සුදානමින්

colombotoday

සෝභිත හිමිගේ අපවත්වීම ගැන පශ්චාත් මරණ පරීක්ෂණයක් නොකළේ ඇයි? අධිකරණයටත් සැකයක්!

colombotoday

ජාතික ගීය සිංහලෙන් පමණයි – ආරක්ෂක ලේකම්

colombotoday

බදු වැඩිකිරීම හැර වෙනත් විසදුමක් රජයට නෑ – බන්දුලගෙන් අයවැය ගැන අනාවැකි

colombotoday

ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා ගැන ජනාධිපති කාර්යාලයෙන් නිවෙිදනයක්

Admin

අමරකීර්ති අතුකෝරළ ඝාතනය : 19 හැවිරිදි තරුණයෙකු හා වඩු කාර්මිකයෙකු අත්අඩංගුවට

colombotoday