Colombo Today Local News

මොණරෙක් මරා පුලුස්සා ආහාරයට ගන්නා වීඩියෝවක් හැදූ විදේශිකයා සහ ආදිවාසීන්ට වූ දේ

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ, මීට වසර හතරකට හෝ පහකට ඉහතදී ආරක්ෂිත පක්ෂියෙකු වන මොණරෙකු දුනු, ඊතල වලින් විද මරා මස්කර ගිනි දල්වා මාංශ පිස ආහාරයට ගන්නා අයුරු රූ ගතකර යූ ටියුබ් වීඩියෝවක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කිරීම හා මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුල්වීම ඇතුළු චෝදනා පහක් යටතේ මහියංගන දඹාන ප්‍රදේශයේ ආදිවාසී පස්දෙනෙකු සහ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට හේනානිගල වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්.කුමාරසිරි විජේකෝන් විසින් ඊයේ (13) මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කර තිබේ.

මාදුරුඔය ජාතික වනෝද්‍යායේ ආරක්ෂිත පක්ෂයෙකු ලෙස හඳුන්වන මොණරෙකු දඩයම් කර ගිනි දල්වා පුළුස්සා විදේශිකයකු සමග එම මස් ආහාරයට ගන්නා අයුරු රූගත කර youtube නාලිකාවක් ඔස්සේ ප්‍රදර්ශනය කෙරු සංචාරක විදේශිකයා හා මහියංගන දඹාන, කොටබකිනිය ප්‍රදේශයේ ආදිවාසීන් පස්දෙනා, අත්අඩංගුවට ගෙන වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා බී වාර්තාවක් මගින් මෙම කරුණු ඉදිරිපත් කර ඇති බව හෙනානීගල වන සත්ත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජයකෝන් සඳහන් කළේය.

එම මොනරාගේ කොටසක් ගින්නෙ වේලා, මීපැණි එක්කර ආදිවාසීන් සහ විදේශිකයා විසින් ආහාරයට ගන්නා අයුරු රූගත කර තිබෙන ආකාරය තමා ඇතුළු වනජීවී නිලධාරින් විසින් නරඹා නිරීක්ෂණය කළ බවද වන අඩවි නිලධාරියා පැවසීය.

ඒ අනුව, මෙම සිද්ධිය 2019 වර්ෂයේ හෝ 2020, වර්ෂයේ සිදුව ඇති බවට සැක කරන බවත්, විදේශිකයා සමග දඹාන ප්‍රදේශයේ ආදිවාසීන් පස්දෙනා එම අපරාධය සාමූහිකව සිදුකර රූගත කිරීම සම්බන්ධව සහ 1964 අංක 44 දරණ හා වර්ෂ 1970 අංක 01 හා 1993 අංක 49 දරන හා වර්ෂ 2012 අංක 22 දරණ අණ පනත් වලින් සංශෝධිත, 1937 අංක 02 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 469 අධිකාරිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ අංක 32 ප්‍රකාරව පොදු අරමුණින් යුතුව මෙම අපරාධය සිදුකර ඇති බවට සනාථ වීම නිසා ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම මේ යටතේ සිදුකරන බවත් කුමාරසිරි විජේකෝන් කීවේය.

මහියංගන දඹාන කොටබකිනිය ගම්මානයේ පදිංචි මෙම ආදිවාසීන් පස්දෙනා සහ විදේශිකයා අත්අඩංගුවට ගෙන, මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුළුවීම, ගිනිපත්තු කිරීම, දුනු ඊතල වලින් ආරක්ෂිත පක්ෂියෙකු මරා පුළුස්සා මස් කර ආහාරයට ගැනීම, එය රූගත කර සමාජ මාධ්‍ය ඔස්සේ රටටත් ජාත්‍යන්තරයටත් මුදා හරිමින් ශ්‍රී ලංකාවේ වන ජීවීන් අපරාධ සිදු කිරීමට අනුබලදීම ඇතුළු කරුණු හයක් යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවද කුමාරසිරි විජේකෝන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ආරක්ෂිත පක්ෂීයෙකුවන මොණරෙකු, ඊතල දුනු වලින් මරා ගිනිදල්වා පුළුස්සා ආහාරයට ගන්නා වීඩියෝව ජාත්‍යන්තරයට මුදා හැරීමෙන් පසු එය ලක්ෂ 80 කට වැඩි ප්‍රමාණයක් නරඹා තිබෙන බවද කුමාරසිරි විජයකොන් කීය.

Related posts

ලංකාව දැන් පිළුනු ගඳයි – ඉන්දියාවේ හින්දු පුවත් පත කියයි !

colombotoday

රණවිරු දඩයම නවතනු! පෙත්සමට නැගෙනහිර භික්ෂූන් වහන්සේලා රුධිරයෙන් අත්සන් තබයි

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද එස් විජේසිරි අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීම ජනපති ප්‍රධානත්වයෙන් 5 වනදා..

colombotoday

ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, මංකොල්ල කෑම් කරන්නන්ගේ ඡායාරූප මාධ්‍යයට.| මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර කියයි.

colombotoday

දෙහිවල සත්තු වත්තේ සතුන් අනතුරේ පන්සිය ගණනක් දැනටම මියගිහින්

colombotoday