Colombo Today Local News

මෛත්‍රීගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ ඇප ඉල්ලීමක් ප්‍රතික්ෂේප වෙයි

අල්ලස් චෝදනාවකට වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින තමන්ව ඇපමත මුදා හරින මෙන් ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ, හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ මහානාම මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ ප්‍රතික්ෂේප කර තිබේ.

සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළ බව වාර්තාවේ.

තම සේවාදායකයා රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරය තුළ කොවිඩ් ආසාදිතයින් රැසක් හමුවී ඇති බව හා හෘද රෝගියෙකු වන ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බව ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වා තිබුණි.

කෙසේවෙතත් සිය තීන්දු ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල පැවසුවේ විත්තිකරු තමන්ට නියම වී ඇති සිරදඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත්කර ඇති බවත් ඉදිරියේදී එය විභාගයට ගැනීමට නියමිත බවය.

ඒ අනුව අදාළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දී තිබේ.

Related posts

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් විදුලිය සම්ප්‍රේෂණ සැලැස්මක් ගැන ඉන්දීය මාධ්‍ය හෙළි කරයි

Admin

පෙරේදා මහ රෑ ලංකාවට ආ ඇමරිකානු ගුවන් ඒකකය TNA සමග උතුරේ මෙහෙයුමක

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට වැසෙයි

colombotoday

චීන කොඩිය එසවීමෙන් තහවුරුයි.. හම්බන්තොට වරායේ ක්‍රියාත්මක වන්නේ චීන නීතියයි

colombotoday

ළමා අපචාරවල වැඩිවීමක්.. විමසිලිමත්ව සිටින්නැයි ඉල්ලීම්

colombotoday

අතුරුදන් කාර්යාලය අතීතයටත් බලාත්මකයි.. රටත්, රණවිරුවනුත් පාවා දුන්නා – රටට වසන්කළ රහසක් හිටපු ඇමති විජේදාස හෙලිකරයි

colombotoday