Colombo Today Local News

මේ අගාධයෙන් රට බේරාගන්න තිබෙන එකම මාර්ගය මහා මැතිවරණයි – පැවිදි හඩ

මේ රට පත්ව ඇති අගාධයෙන් බේරාගන්න නම් වහාම මහා මැතිවරණයක් ලබා දෙන ලෙස පැවිදි හඩ සංවිධානය ඉල්ලා සිටියි.

මේ වන විට රට අවාසනාවන්ත හා අරාජික තත්වයට පත්වී ඇති බවත් මෙම ගැටලුව සම්බන්ධයෙන් විස්තර නොකල ද රටේ ජනතාවතුල මේ සම්බන්ධයෙන් මහා ගැටළුවක් ඇති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

ඒ, පැවිදි හඩ සංවිධානය විසින් අද (13) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහි දී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් කියා සිටියේ වර්ථමානය වන විට ආණ්ඩුවක් හෝ කැබිනට් මන්ඩලයක් නොමැති බවත් අගමැති කාර්යාලයේ සිට සියලුම අමාත්‍යාංශ දක්වා කටයුතු අකර්මන්‍ය වී ඇති බවත් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත බලය පවරා දී තිබුනද සිය රාජකාරී කටයුතු ඉටු කිරීමේ දී අමාත්‍යාංශ ලේකම්වරුන් දැඩි බියක් දක්වන බවයි.

මේ වන විට වත්මන් දේශපාලඥයින් රට ගොඩ ගැනීම පසෙක ලා තම තමන්ගේ බලය හා පැවැත්ම තහවුරු කර ගැනීමට කටයුතු කරමින් සිටින බව පැවසූ උන් වහන්සේ පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව ද මේ වන විට කතනායකවරයාට අශ්‍ය පරිදි පවවාගෙන යනවා මිස රටේ ජනතාවගේ යහපත පිනිස පාර්ලිමේන්තුව රැස්වන ආකාරයක් පෙනෙන්නට නොමැති බවයි.

කෙසේ වෙතත් මෙහි දී ආනන්ද හිමියන් ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් විසින් දේශණා කරන ලද සංකල්පයක් හුවා දක්වමින් පෙන්වා දුන්නේ රටේ ජනාව විසින් මේ තත්වය තේරුම් ගෙන ඉතිහාස සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් කටයුතු කලහොත් මේ රට කිසි දින අගාධයට නොයන අතර ජාතියක් වශයෙන් මේ රට බෙදීමකට ලක් නොකර රට ආරක්ෂා කර ගැනීමට සියලු දෙනා එකා මෙන් එක් වී කටයුතු කරන ලෙසත් ඉදිරියේ දී මේ රට නැවතත් එක්සේසත් කිරීමට මහජනතාවට කැමති ආණ්ඩුවක් පත්කර ගැනීමට එක්ව කටයුතු කල යුතු බවයි.

මේ සදහා එකම බලාපොරොත්තුව මහා මැතිවරණයක් පැවැත්වීම පමණක් බවත් අධිකරණය විසින් කුමණ තීන්දු ලබා දුන්නද ව්‍යවස්ථාව හා නීති රීති පටලවා නොගෙන ජනතාවගේ පරමාධිපත්‍යට කන් දී රටේ පත්ව ඇති මෙම අවසානවන්ත තත්ත්වයට එකම පිළියම මහා මැතිවරණයකට යාම බව උන් වහන්සේ මෙම මාධ්‍ය හමුවේ දී අවදාරණයෙන් කියා සිටින ලදි.

මෙම මාධ්‍ය හමුවට සදහා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහාචාර්ය වල්පොල පියනන්ද හිමි, ආනන්ද මහා විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය පූජ්‍ය හේමාලෝක හිමි, පූජ්‍ය ගලගම ධම්මරංසි හිමි හා පූජ්‍ය තංගල්ලේ ගෝතම හිමියන් සහභාගී වන ලදි.

Related posts

විජේවීර ඝා-තනය ගැනත් හොයන්න කොමිසමක් දාන්න

Admin

අගමැති රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි…

colombotoday

ලංකා සතොස වාහන අවභාවිත කිරීම: හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මොහොමඩ් මහරූෆ්ට ඇප

colombotoday

දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය : CIDය හිටපු ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගෙන් ප්‍රශ්න කරයි

Admin

බස් ගාස්තු 6.5%කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ… අවම ගාස්තුව ගැනත් තීරණයකට එයි

colombotoday

පොල් වලින් හොයපු රු. දොළොස් කෝටි පනස් ලක්ෂයක් භාණ්ඩාගාරයට දෙයි

Admin