30 C
Colombo
5 April 2025
Colombo Today Local News

මෙහෙම ගියොත් කොම්පැනිකාරයකුට වුණත් මේ රටේ ආණ්ඩු බලය ගන්න පුළුවන්

අද පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ ඇලෝසියස්ගේ සාක්කුවේ බවත් පවතින මජර දේශපාලනය තුළ කොම්පැනිකාරයකුට අවශ්‍ය නම් ආණ්ඩු බලය වුවද ලබාගත හැකි බවත් උෟව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න පවසයි.

මන්ත්‍රිවරයා මෙසේ සඳහන් කළේ පෙරේදා (13දා) බදුල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේද පැවැසීය.

අද අපේ රටේ තියෙන්නේ ඇලෝසියස් විසින් මිලට ගත් පාර්ලිමේන්තුවක්. මේ පාර්ලිමේන්තුවේ සිටින 225න් බහුතරය මිලට ගන්න කොම්පැනිකාරයකුට හැකි වී තිබෙනවා. ඉස්සර දේශපාලකයන්ට මැති ඇමැතිවරුන්ට තිබුණු ලොකුම චෝදනාව වුණේ බොරු කියා ජනතාව රවට්ටනවා කියන එක විතරයි. ඉන් පස්සේ මන්ත්‍රිවරුන් බාර් ලයිෂන් අරන් සුරාසල් ඉස්කාගාර දාගත්තා. දූෂිත ව්‍යාපාර කරන්න පටන් ගත්තා. ඉන් එහාට කොමිස් ගන්න පගා ගහන්න අල්ලස් ගන්න පටන් ගත්තා. අද වන විට මේ මජර දේශපාලනය වැටී ඇති දූෂිතම තත්ත්වය නම් පාලකයන් මැති ඇමැතිවරුන් කොම්පැනිකාරයන්ට මිලදී ගැනීමට ඇති හැකියාවයි.

දැනට සාකච්ඡා වන විදියට පාර්ලිමේන්තුවේ 225න් 118 දෙනෙක් ඇලෝසියස්ලාට විකිණිලා. මේ විදියට බැලුවම මේ රටේ කොම්පැනිකාරයකුට ඕන නම් ආණ්ඩු බලය ගන්නත් පුළුවන්.

දැන් මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනෑ ජනතා ඡන්දයෙන් බලයට පත්වුණත් මේ මන්ත්‍රිවරුන් කොම්පැනිකාරයකු විසින් මිලට ගත් පසු ඔවුන් සේවය කරන්න ජනතාවට නොවේ කොම්පැනිකාරයකුට බව.

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස ඉතිහාසයේ සිටම වංචාවට දූෂණයට විරුද්ධයි. සල්ලි ඕන නම් පිල් මාරු කරලා සල්ලි සොයන්න පුළුවන්. දූෂිත ගනුදෙනු කරන්න පුළුවන්. ඒත් ඒවා නොකරන නිසා මේ දූෂිත දේශපාලකයන්ට දැන් තිබෙන ප්‍රධානම අභියෝගය ජනතා විමුක්ති පෙරමුණයි. ප්‍රධානම හතුරා ජනතා විමුක්ති පෙරමුණයි. ඒ නිසා ඔවුන් දැන් උත්සාහ කරන්නෙ ජනතා විමුක්ති පෙරමුණට චෝදනා නඟමින් ඔවුන් සුදනන් වෙන්නයි. අපි අභියෝග කරනවා ජවිපෙ වංචාවක් කළා නම් ඔප්පු කරන්න. තමන්ගේ වැරැදි වහගන්න කාටවත් ඇඟිල්ල දිගු කර පලක් නෑ.

අද පාර්ලිමේන්තුවේ බහුතරය ඇලෝසියස්ගේ සාක්කුවේ. ඒ නිසා අපි කියන්නේ කොම්පැනිකාරයකුට නොවේ ජනතාවට නතුවුණු පාර්ලිමේන්තුවක් මේ රටේ හැදිය යුතුයි. මේ යහපාලනය කියන මජර පාලනය බදු පිට බදු ගහලා. බඩු මිල වැඩි කරලා. තෙල් මිල වැඩි කරලා.

බස් ගාස්තු වැඩි කරලා. ජනතාව පාරට බස්සලා කොම්පැනිවලට ඕන විදියටයි කටයුතු කරන්නේ. මේවාට එරෙහිව ජනතාව පාරට බසින දිනය වැඩි අෑතක නොවේ. ඊට නායකත්වය දෙන්න ජවිපෙ සූදානම් බව දැනෙනකොටයි දැන් ජවිපෙට මඩ ගහන්නේ. ඔය මඩ අපට හොඳට හුරුයි. අපට ඕවා වදින්නේ නෑ.

අපේ කෙනෙක් ඔය වංචාවලට හවුල් නම් වීරවංශව එළියට දැම්මා වගේ කනෙන් ඇදලා එළියට දානවා. ජවිපෙ සල්ලිවලට ගන්න පුළුවන් පක්ෂයක් නොවේ. මේ රටේ වංචාවෙන් දූෂණයෙන් තොර, ජනතාවට වගකියන එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි.

මව්බිම

Related posts

මුදල් ඇමති ලෙස රවී කරුණානායක අනුපාත අඩු කිරීම සාධාරණ හා නිත්‍යානුකුල ක්‍රියාවක් – බැඳුම්කර කොමිසම

colombotoday

පල්ලේකැලේ ක්‍රිකට් පිටියට හෙළුවෙන් පැන්න සුද්දාට වැඩ වරදී !

colombotoday

රන්ටැඹේ රක්ෂිත වානාන්තරයේ මහා දැව ජවාරමක්

colombotoday

බන්දුල දේශපාලනයෙන් විශ්‍රාම ගනී?

Admin

මුතුහෙට්ටිගමට එරෙහිව අගමැති අවි ඔසවයි.. ආණ්ඩුවෙන් නෙරපන්න යයි !!

colombotoday

TNA මන්ත්‍රී කිලිනොච්චියේදී මරගෙන මැරෙන ‘කලු කොටි‘ සමරයි !

colombotoday