තමන් සමග එකට වැඩකළ සහෝදරයකු පාවා දෙමින් ජනතා විමුක්ති පෙරමුණ වාමාශිංක ඉතිහාසයේ සිදුවූ දරුණුතම පාවා දීම සිදු කර තිබෙන බව පෙරටුගාමී සමාජවාදි පක්ෂය පවසයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතාව අත්අඩංගුවට ගැනීම සදහා තොරතුරු ලබා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක බව හිටපු ආරක්ෂක ලේකම්වරයා දින කිහිපයකට පෙර හෙළිදරව් කර තිබුණා. ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක පුබුදු ජයගොඩ මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ තම සගයා පාලකයාට පාවා දීම තුළින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන නිරුවත පිළිඹිමු වන බවත් ඔවුන්ට කීර්තිමත් දේශපාලන පිළිගැනීමක් මීට පෙර තිබුණද ඔවුන් විසින්ම එය අහිමිකරගෙන ඇති බවයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය