Colombo Today Local News

මුළු ලෝකෙටම අපේ හෙළුව පෙන්නුවා…

“අපේ හෙළුව පෙණුනා මුළු ලෝකෙටම. මොකද්ද අපේ ශිෂ්ඨාචාරය, මොකද්ද අපේ හැදියාව, අපි තෝරලා ඇරපු මිනිස්සු කොහොමද හැසිරෙන්නේ කියන එක මුළුලෝකෙම දැක්කා.” යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවසූවේ අද (17) පැවති උත්සවයක් අමතමිනි.

එංගලන්ත තානාපතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අශිෂ්ඨ ලෙස හැසිරුණු පාර්ලිමේන්තුවක් සහ මන්ත්‍රීවරු පිරිසක් දුටු බව සඳහන් කර ඇති බවත් මෙය ලෝකය ඉදිරියේ ලංකාව අපකීර්තියට පත් කිරීමක් බවත් විජිත් විජිතමුණි සොයිසා මහතා පෙන්වා දෙයි.

එමෙන්ම මෙවැනි අසීලාචාර පිරිසක් පාර්ලිමේන්තුවට යවා ඇත්තේ මහජනතාව විසින් බවත් ඉදිරියේදී මෙවැනි අසීලාචාර මිනිසුන් පාර්ලිමේන්තු යැවීමෙන් වැළකි සිට හොඳ මිනිසුන් පාර්ලිමේන්තු යැවීමට වගබලා ගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

හරිම නිදහස පෙබරවාරි හතරද?

colombotoday

ගාලු මුවදොර පිටියේ වෙළඳ සැල් 9ක් සොරු බිඳියි

colombotoday

කරුණු දහසක් තිබියදී බැසිල් ඇල්ලුවේ වලිගෙන් – එස් බී දිසානායක

colombotoday

නාටක මාරයි බොරුව හමාරයි… සුදු වෑන් නළුවාගේ පච අතේ රෝල්… (Video)

colombotoday

බස් රථයක් තුලදී රාජ්‍ය නිලධාරිනියකට ලිංගික හිංසනයක් කළ සැකකරු අත්අඩංගුවට

colombotoday

2020 දුම්කොල තහනමත් කටින් බතල හිටවීමක් ?

colombotoday