Colombo Today Local News

මුහුදු මහා විහාරයට අයත් අක්කර 72 ක ගැසට් කිරීම සඳහා භුමිය මැනීමට යයි

අම්පාර පොතුවිල් මුහුදු මහ විහාර භූමියේ මැනුම් කටයුතු යළි කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා හා මැනුම්පති ශ්‍යාමලී පෙරේරා මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අද (20) පැවැත් විය.

මුහුදු මහා විහාර භූමියේ යළි මැනුම් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ඊයේ (19) පැවසූ බව ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

මුහුදු මහා විහාරයට අයත් අක්කර 72 ක භූමි භාගයක් ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනු ලබන බව කී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර එම භූමි භාගය නිවැරදිව මැන ගත යුතු වන බවද ප්‍රකාශ කළේය.

මුහුදු මහා විහාරයේ වර්තමාන තත්ත්වය දැන ගැනීම සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා ලබන 27 වැනිදා එම ප්‍රදේශයට යෑමටද නියමිතය.

මුහුදු මහා විහාර භූමියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමටද කටයුතු කරගෙන යන බව පුරාවිද්‍යා ​අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

Related posts

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරයෙක්

colombotoday

අලුත් ආණ්ඩුවේ ඇමතිකමකට මටත් ආරාධනා ලැබුණා – ෆොන්සේකා

colombotoday

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයට ඩග්ලස් යෝජනා කරයි

Admin

බොරතෙල් චෝදනාවට නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වනවා – කංචන විජේසේකර

colombotoday

බිත්තර හා කුකුළු මස් මිල ගැන කඩිනම් විමර්ශනයක්

colombotoday

“හිටපු ජනපතිතුමාගේ දරුවා හිරේ යැවීම ජයග්‍රහණයක් නොවේ” – හරීන්

colombotoday