Colombo Today Local News

මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක්

වෙළදපොළෙහි  විකිණිම සඳහා  ඇති මුඛ ආවරණ  සඳහා  උපරිම සිල්ලර මිලක් නියම කිරීමට  සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශය අද (29)  තීරණය කර තිබේ.
 
කොරෝනා වෛරස්  තත්ත්වය  හේතුවෙන් වෙළෙදෙපොලෙහි අලෙවි කිරිමට තිබූ ඉවත දැමිය හැකි මුඛ ආවරණ අධික මිල ගණන් යටතේ වෙළෙදුන් විසින් ජනතාවට විකුණන  ලබන බවට පළවූ වාර්තා සමඟ  සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය විසින් ගන්නා ලද තීරණයකට අනුව මෙය ක්‍රියාත්මක වේ.


2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 142 වගන්තිය යටතේ උපකරණ මිල නියම කිරිම නියෝග අනුව මෙම නියම කිරීම සිදු කර ඇත.


ඒ අනුව  ඉවත දැමිය හැකි මුඛ ආවරණ -නොවියන ලද (ලූපය සහිත හෝ ගැට ගසන)  රුපියල් 15 ක් වැනි මුදලකටද,  ඉවත දැමිය හැකි ශල්‍ය මුඛ ආවරණ – නොවියන ලද (ලූපය සහිත හෝ ගැටගසන)  රුපියල් 15 ක් වැනි මුදලකට සහ  මුණ  ආවරණ (එන් 95 වර්ගය – අංශු ශ්වසන පෙරණය) රුපියල් 150 ක් වැනි මුදලකට අලෙවියට මිල නියම කර  තිබේ.
 
ඉහත මිල ගණන් අභිබවා මුඛ ආවරණ  අලෙවි කරනු ලබන වෙළෙදුන්ට‌ සහ තොග සඟවා තබා ගන්නා වූ වෙළෙදුන්ට නීතිය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේය. 
 

Related posts

චීනයේ නැවතත් කොවිඩ් පැතිරෙයි ප්‍රදේශ 30 ක් වසා දැමීමට පියවර

colombotoday

දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400ක්

Admin

මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද

colombotoday

BREAKING – ‘දෙමුහුන් යුද අධිකරණයක් එපා’ – පාර්ලිමේන්තුව කල් තබයි

colombotoday

හෙද හෙදියන් 150කට කොවිඩ්. ගැබිනි හෙදියන් 25දෙනෙකුත් ඒ අතර

colombotoday

මහින්ද පැරදුණේ මුස්ලිම් ඡන්ද නොලැබුණු නිසාද ?

colombotoday