Colombo Today Local News

මී උණ හේතුවෙන් නාවික හමුදා නිලධාරියෙකු මියයයි.

මී උණ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා මහ රෝහලෙහි දැඩිසත්කාර ‍ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු 2020 අප්‍රේල් 25 වන දින අභාවප්‍රාප්ත විය.

මෙලෙස අභාවප්‍රාප්ත වූයේ නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි සිදු කරනු ලැබූ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 වියැති ලුතිනන් කොමාණ්ඩර් (ස්වේච්ඡා) දොඩම්වල ගෙදර සුනිල් බණ්ඩාර දොඩම්වල නම් නිලධාරියා වන අතර, ඔහු 2020 අප්‍රේල් මස 18 වන දින රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නාවික මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.

මෙම නිලධාරියා ප්‍රථිකාර ලැබූ කාලය තුල වෛද්‍යවරුන් විසින් ඔහු පිළිබඳව සිදුකරනු ලද පරීක්‍ෂණ වලදී ඔහු මී උණ රෝගී තත්වයෙන් පෙලෙන බව නිගමනය කර ඇත. එමෙන්ම වැලිසර නාවික හමුදා කඳවුර තුල කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීමත් සමඟ සිදු කරන ලද පරීක්‍ෂණ වලදී මෙම නාවික හමුදා නිලධාරියා කොවිඩ් 19 වෛරසය ආසාධිත පුද්ගලයෙකු නොවන බවටද තහවුරු කර ගන්නා ලදි. ඒ අනුව මී උණ රෝගී තත්වය සඳහා ප්‍රථිකාර ලබමින් සිටියදී එම රෝගීතත්වය උත්සන්න වීම හේතුවෙන් දැඩිසත්කාර ඒකකයට ඇතුලත්කර සිටියදී මෙම නිලධාරියා 2020 අප්‍රේල් 25 වන දින අභාවප්‍රාප්ත විය.

මෙම මරණය කොවිඩ් 19 වෛරසය හේතුවෙන් සිදුවූවක් නොවන බවට තහවුරු වුවද, වැලිසර නාවික කඳවුරු සංකීර්ණයේ දැනට උද්ගතවී ඇති තත්වය මත කොවිඩ් 19 හේතුවෙන් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකරනු ලබන ක්‍රියාපටිපාටියට අනුව මෙම නාවික හමුදා නිලධාරියාගේ අවසන් කටයුතු සිදු කිරීමට රාගම අධිකරණ වෛද්‍ය නිලධාරී මගින් නිර්දේශ කරන ලදි. ඒ අනුව එම නිර්දේශයන්ට අනුකූලව දේහය පිළිබඳ අවසන් කටයුතු නාවික හමුදා ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව ඇත.

Related posts

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක්

colombotoday

විශ්ව විද්‍යාලයේ ගෞවරය රැක ගන්න නව කුලපති පත් කිරීම ගැන නැවත සලකා බලන්නැයි වෛද්‍ය පීඨ ආචාර්යවරු ඉල්ලයි

colombotoday

පහන්තුඩාව දිය ඇල්ල අසල රතිකෙළියේ යෙදුනු යුවළ සොයයි

colombotoday

“මයිලෝ හොද නෑ.. අධික සීනි.. මං පැකට් එක අරන් රටපුරා ගොස් විරෝධතා පානවා..” මයිලෝ පැකට්ටුවක් පෙන්වමින් ජනපති කියයි

colombotoday

IMF විවාදයට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Admin

කින්යාහිදී පාරුවක් පෙරළී වූ අනතුරෙන් 6 ක් මරුට

colombotoday