Colombo Today Local News

මිළ අධික පිළිකා ඖෂධ 10 හා වෛද්‍ය උපකරණ 2ක මිළ නියාමනය කෙරේ…

මිල අධික පිළිකා ඖෂධ 10 ක් හා තෝරා ගත් ඖෂධ නිෂ්පාදන 13 ක සහ වෛද්‍ය උපකරණ 2 ක මිල නියාමනය පෙරේදා (1) සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය, ‍පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ පෙරේදා (1) පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේ ඉදිකළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 39 වන ඔසුසල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

මේ යටතේ ඉතා මිල අධික පිළිකා ඖෂධ දහයක ටෙන්ඩර් මිල පාලනයට ලක්කර තිබේ. එමෙන්ම තෝරාගත් ඖෂධ වර්ග දහතුනක උපරිම සිල්ලර මිල නියාමනය කර ඇති අතර දියවැඩියා රෝගීන් භාවිත කරන රුධිර ග්ලුකෝස්මාපක සහ රුධිර ග්ලුකෝස් මාපකවල භාවිත කරන පරීක්ෂණ තීරු යන වෛද්‍ය උපකරණවල උපරිම සිල්ලර මිල මෙලෙස නියාමනය කර ඇත. තවද

ජීවිතාරක්ෂක ප්‍රතිජීවක, ස්නායුගත රෝග ප්‍රතිජීවක, ඉන්සියුලින් ඇතුළු දියවැඩියා ඖෂධ, ඇදුම රෝගය, සඳහා භාවිත කරන ඖෂධ, ස්නායු රෝග ඖෂධ, අපස්මාර රෝග ඖෂධ සහ කොලෙස්ටරෝල් පාලනය කිරීමේ ඖෂධ සඳහා මෙම මිල නියාමනය කර ඇත.

මිල නියාමනයට අදාළ ගැසට් පත්‍රය ඉකුත් 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙම මිල නියාමන ගැසට් පත්‍රය සකස් කර ඇති අතර මිල නියාමන ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 31 වැනිදා පෙරවරුවේ අත්සන් කර තිබේ.

Related posts

ඉෂාලනිගේ දෙමව්පියන්ට රිෂාඩ් කොතරම් බලපෑම් කරාවිද? ඇප ලැබීම ප්‍රශ්නයක්…

colombotoday

අතුරුදන්වූ සම්මානය වෙනුවෙන් කලාකරුවන්ගෙන් ආයාචනයක්…

colombotoday

සිරසFM ,Y FM, Yes FM, Shakthi FM නාලිකා 4ක් මරික්කාර් යටතට.. පාර්ලිමේන්තු නොයෙන මන්ත්‍රීන් අතරේ මරික්කාර් පෙරමුණට

colombotoday

ලංකාවෙන් පලස්තීනයට ඉඩම් පරිත්‍යාගයක් !

colombotoday

මුහුණු ආවරණ අවිධිමත් ලෙස බැහැර කලොත් අත්අඩංගුවට

colombotoday

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණයක් නෑ.. තීරණාත්මක සාකච්ඡාවක් අද දහවල්…

colombotoday