Colombo Today Local News

ඇමති චම්පික ජනාධිපති වෙන්න බලාගෙන, කේ.පී.ගේ මස්සිනාට කොන්ත‍්‍රාත් දීලා – පාර්ලිමේන්තුවේදී ප‍්‍රබල හෙලිදරවුවක්..

නාගරික සංවර්ධන අධීකාරි බ්ලූඕෂන් සමාගමට තට්ටු නිවාස 24ක්  ඉදිකරන්නට අනුමැතිය දී තිබෙන්නේ එම සංගමයේ  හිමිකරු වන කේ.පී.ගේ මස්සිනාට බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී  අනාවරණය කළේය

ඔහු මේ අනාවරණය කළේ ගම්පහ මහ නගර හා බස්නාහිර  සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගිවෙමිනි.

බ්ලූඕෂන් සමාගම හා එහි හිමිකරු ගැන තොරතුරු  අනාවරණය කළ ප්‍රසන්න රණතුංග මහතා, මෙසේද කීවේය

“නාගරික සංවර්ධන අධිකාරිය විසින් තට්ටු නිවාස 24ක් සදහා අනුමැතිය දීලා තියෙනවා. මේ සමාගමේ හිමිකරු කවුද? ප්‍රධානියා කවුද? එස්. කැමිලන් කියන මහත්තයා මෙයා තමයි අපේ ආණ්ඩුව කාලයේ  මහ ලොකුවට කථා කරපු කේ. පී ගේ මස්සිනා . දැන් නාගරික  සංවර්ධන අධීතාරියේ  නිළධාරීවන් අහනවා  මෙපමණ මුදල් කන්දරාවක්  කියලා මේ කොටින්ගෙ සල්ලිද? කියණ කාරණාව තමයි මිනිස්සු අහණ ප්‍රශ්ණය. කොටින්ගෙ සල්ලි  හරි කමක් නෑ රටේ ආයෝජනය වෙනවා නම්. එහෙක් මේ නිවාස සංකීර්ණ 24ටම අවසර දෙන්න යූ.ඩී එක කටයුතු කරලා තියෙනවා. එතුමා ඒකේ උපදේශකයෙක් විදිහයට කටයුතු කරලා තියෙනවා. එතුමා ඒකේ ආර්කිටෙක් කන්සල්ටන්. එයා තමයි මේ සැලසුම් හදලා තියෙන්නේ එතුමා අද යූ.ඩී එකේ සභාපති වෙලා. යූ. ඩී එකේ රෙගුලාසිවලට විරුද්ධව මේ නිවාස අනුමත කරලා තියෙනවා.

ඒ වගේම බ්ලූඕෂන් ආයතනයේ වැඩ කරපු තුෂාර සහ චතුරංග කියලා දෙන්නෙක් යූ.ඩී එකේ බලාත්මක අංශයට හා පසු විපරම් අංශයේ වැඩ කරනවා. ඒ අය මේ සමාගම ගැන එන පැමිණිලි යටපත් කරන්න කටයුතු කරනවා.

ජගත් මහ නගර දිනය වෙනුවෙන් පාඨලී ඇමතිතුමා විශේෂ ප්‍රකාශණයක් නිකුතු කරලා තියෙනවා එය ඉතාමත් හොදයි. වැදගත් අදහස් තියෙනවා. රටක් ගොඩනැගෙනකොට ඒවා ක්‍රියාත්මක වෙන්න ඕනෑ. අපට තියෙන ගැටලුව මේ වා කරන්න ඇමතිතුමාට සල්ලි තියෙනවාද කියන එක. පසුගිය අවුරුද 02කට වඩා මෙවර මුදල් කප්පාදුවක් වෙලා තියෙනවා.. මේ ව්‍යාපෘති මහ ගොඩක් තියෙනවා.  මෙවා දැක්කහම ” හාර කෝටියේ” ගිතය මතක් වෙනවා.” හීන තිබුණට කෝටියක් , අතේ නෑ එක රුපියලක්” කියා ගීතය.

අද පැල්පත් නිවාස ගැන කථා කරනවා. ඔවුන්ට නිවාස ඉදිකිරීම් ආරම්භ කළෞ ගොඨාභය රාජපක්ෂ මහත්තයා. අද ඒවා ඉදිරියට යනවා. ඒවා වෙන්න ඕනෑ දෙවල්. හැබැයි ඒකෙ අඩුපාඩු තියෙනවා.

ඇමතිතුමාගේ ප්‍රතිරූපය ගොඩනගාගන්න විශාල වැඩ කොටසක් කළා. අපි දැක්කා හැම දිස්ත්‍රික්කයටම ගිහිල්ලා ජාතිය ණය ගැති නොකර  අලුත් වැඩක් කළ දෙලොස්වසරක් කියලා පොතක් බෙදලා තිබුණා.  මේකෙ ඔබතුමා ගැන කියනවා. ඒ කෙ වරදක් නෑ.  හැබැයි ඔබතුමාගේ ප්‍රතිරූපයට හානිවෙන කාරණා කිහිපයක් මා ගාව තියෙනවා.

කොළඹ නගර සංවර්ධන සැලැස්ම යටතේ ගැසට් නිවේදන අනුව කටයුතු කළ යුතුව තිබුණත් වාසල පාර, කොළඹ 13, ඉදිකරන තට්ටු 05ක ගොඩනැගිල්ලක් හදන්න අනුමැතිය දීලා තියෙනවා. මේ පාර අඩි 20ක පාරක් . මෙතෙන්ට දෙන්න පුළුවන් තටිටු 05යි. නමුත් තට්ටු 08ක් හදන්න අනුමැතිය දීලා තියෙනවා. 2018 ඔක්තොම්බර් 16 වැනිදා අනුමැතිය දෙන මේ වපසරිය 2007 දී ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ සදහා මිලියන 40ක කොමිස් මුදලක් ගියා කියලා කතා වෙනවා.

ඒ වගේම ” නිව් ප්‍රොපටීස් ඩිවලොප්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ්” කියන ආයතනය විසින් කරන ව්‍යාපෘතිය ගැනත් චෝදනාවක් තියෙනවා. පොඩි ඉඩම් කැල්ලක 2018 මාර්තු 20 වැනිදා බේස්මන්ට්  එකට 3යි පාර්කින් එකට තට්ටු 8යි. නිවාස සදදහා තට්ටු 50ක් අනුමැතිය දීලා තියෙනවා. ඉල්ලුම්පත් දාලා සතියකටත් වඩා අඩු කාලෙකින් මේකට අනුමැතිය ලැබෙනවා. මේ තරම් ඉක්මන්ට මේවට අනුමැතිය දෙන්නේ කෙසේද?  සාමාන්‍ය මිනිහෙක් අනුමැතිය ගන්න ගියාම යූ.ඩී එකට ගතවන කාලය අපි දන්නවා. එසේ තියෙද්දී මේ වගේ ව්‍යාපෘතියකට  අවසර දෙන්නේ කොහොමද?

ඇමතිතුමාට ස්තූතිවන්ත වෙනවා. පසුගිය අය වැය විවාදයෙදී  මම පදිංචි  නිවාසය ගැන ලොකු කථාවක් ගියා. එවකට හිටපු ඔබතුමාගේ නියොජ්‍ය අමාත්‍යතුමා මේ ගැන සභාවේ ඉදන් කිව්වා මම පදිංචි වෙලා ඉන්නේ රජයේ ඉඩමක කියලා. මම එදා අභියෝග කළා, මේ ගැන ඔබතුමාගේ පරීක්ෂණයක් කරන්න කියලා. පරීක්ෂණ කරලා විතරක් නෙමේ මට විරුද්ධව උසාවියේ නඩුවකුත් දැම්මා.  මම ඒ ලිපි ලේඛණ ඉදිරිපත් කළාම ඉහළම උසාවියේ නඩුකාර උතුමාණන් වහන්සේ කිව්වා දේශපාලන පලිගැනීම් වලට උසාවිය පාවිච්චි කරන්න එපා කියලා.  නඩුව ගැන අදාළ ඉහළ නිළධාරීන්ට කිව්වා  යූ.ඩී එකෙන් නඩුව ඉල්ලා අස්කරගන්න හැදුවා. ඒත් අපි ඉල්ලීමක් කළා, නෑ මැනුම් කටයුතු කරන්න කියලා. කරලා ඉවරවෙලා සීමා කරලා දෙන්න අපි ඒකට යටත් වෙනවා කියලා. කරලා ඉවර වෙලා සීමා මායිම් කරලා දෙන්න අපි ඒකට යටත් වෙනවා කියලා.  ඒ අනුව මට පර්චස් 1 වැඩිපුර ලැබුණා මැන්නට පස්සේ. ඒ ගැනත් මම නිළධාරීන්ට ස්තූතිවන්ත වෙනවා. මොකද මම දැනගෙන හිටියෙනෑ රජය ගහලා තිබ්බේ මගේ ඉඩමේ කෑල්ලක් කියලා.

ඇමතිතුමා අපේ ආණ්ඩුවේ ඉද්දී ඒ කාලේ ඔබතුමා රනිල් වික්‍රිමසිංහ මහත්තයාව හදුන්වලා දුන්නේ දොන් ජුවන් ධර්මපාල කියලා.  අද ඔබතුමාට සිද්ධ වෙනවා එතුමත් එක්ක වැඩකරන්න.  හරියට එදා ආණ්ඩුවේ අවධානය දරපු අය අපේ ව්‍යපෘතිය විවේචනය කරලා අද ඒ ව්‍යාපෘතිවලට නායකත්වය දෙන්න වුණා වගේම අද ඔබතුමාටත් සිද්ධ වෙලා තියෙනවා ඒ අය එක්ක වැඩ කරන්න.

අපි දන්නවා ඔබතුමන්   ඉදිරියේ ජනාධීපති වෙන්න  බලාගෙන වැඩකරනවා වගේ අපට තේරෙනවා. අපි දන්නෑ ඒක. මේවගේ පොත් ගහලා , දැනුවත් කරලා , දිස්ත්‍රික් ගාණේ ගිහිල්ලා වැඩකරනවා.  පසුගිය දවස්වල  වෝර්ටර්ස් ඒප් එකේ  මේ ගැන කට්ටිය ගෙනල්ලා රැස්ළුීම් තිබ්බා. ඒවාට කවුද විමයදම් කරන්නේ. මොකක් සදහාද  ඒව්වා රජයෙන් වියදම් කළාද කියලා අපි දන්නෑ. ඒවා කරලා  ඔබතුමා ගොඩනගන්න හදන ප්‍රතිරූපයට විශාල හානියක් වෙනවා.  මේ ආයතනය හරහා සිදුවන වංචා දූෂණ මේ ගැන හොයල බලන්නත් කියලා ඉල්ලනවා.

Related posts

එජාප ප්‍රබලයන් ඇවිත් මගේ ළග වැද වැටුණා… මම ආය එජාපයට යන්නෑ, සජිත්ගේ පරාජය ස්ථීරයි – වීඩියෝ පට කිහිපයක් ලීක් කරමින් වසන්ත සියල්ල හෙළි කරයි

colombotoday

වසර අවසාන වීමට පෙර රටේ නිල සංචිත ප්‍රමාණය අ. ඩොලර් බිලියන 03කට වඩා ඉහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

colombotoday

කොරෝනා මරණ භූමිදානය කිරීමට ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස අසාද් සාලි ජාත්‍යන්තරයෙන් ඉල්ලයි.

colombotoday

එජාපය තුළ තරුණයන්ට තැනක් නෑ… අපි ඉන්නේ කලකිරීමෙන් – සුජීව

colombotoday

රන්ජන් රාමනායක අධිකරණය හමුවට

colombotoday

ශ්‍රී ලංකන් කොටස් 40% කටාර් ගුවන් සේවයට විකුණයි

colombotoday