Colombo Today Local News

මිලියන 73 ක ගිණුම් සමඟ ජාවාරම්කාර කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 17කට අධික මුදලක් සමග සැකකාරියන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු පෑලියගොඩ පොලීසිය විසින් අද (15)දින පානදුරේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් සතුව තිබී ජංගම දුරකථන 04ක්, ලැප්ටොප් පරිගණකයක් මෙන්ම රුපියල් ලක්ෂ 730ක මුදලක් තැන්පත් කර තිබූ බැංකු ගිණුම් පොත් 05ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

වසරක පමණ කාලයක් තුළ මෙම මුදල සංසරණය වී ඇති අතර කොවිඩ් නයින්ටීන් හේතුවෙන් රට වසා තිබූ කාලය තුළදීත් එම ගිණුම්වලට රුපියල් කෝටි දෙකකට අධික මුදලක් බැරවී ඇති බව පොලීසිය පවසයි.

මෙම පිරිස විදේශයක සිටින පුද්ගලයෙකු විසින් මෙහෙයවා ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර වේයන්ගොඩ ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම් කළ “වේයන්ගොඩ හැට්ටයා” නොහොත් ප්‍රියන්ත නම් සැකකරු මිනුවන්ගොඩ පොලීසිය විසින් අද අත්අඩංගුවට ගත්තේය.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 05ක් හා පෞද්ගලික බැංකු 03කට අයත් රුපියල් ලක්ෂ 98ක චෙක්පත් කිහිපයක් ද සොයාගත් බව පොලීසිය පවසයි.

එමෙන්ම සැකකරුගේ ගිණුමෙන් රුපියල් මිලියන70ක මුදලක් පසුගිය කාලය තුළ දී හුවමාරු වී ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ පැමිණි සුඛෝපබෝගී මෝටර් රථය පොලීසිය සිය බාරයට ගෙන ඇති අතර සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන සුඛෝපබෝගී නිවාස හා රථ වාහන සම්බන්ධයෙන් ද පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

මෙම සැකකරු දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.

මේ අතර හෙරොයින් ජාවාරමේ යෙදුණු බන්ධනාගාර නියාමකවරයෙකු රත්නපුර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 550ක්, ජංගම දුරකථන 02ක් සහ බන්ධනාගාර රාජකාරී නිල හැඳුනුම්පත ද පොලිස් භාරයට ගෙන තිබේ.

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට අනුයුක්තව සේවය කළ සැකකරු රත්නපුර, මද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කෙසේවෙතත්, ඔහු පසුගිය ජූලි මස සිට සේවය අතහැර ගියා සේ සලකා සේවයෙන් ඉවත් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

Related posts

රනිල් ජනාධිපතිවරණයට ආවොත් පරාජය නියතයි…

colombotoday

මිලියන 500ක අත්‍යවශ්‍ය ඖෂධ රැගත් යානයක් චීනෙන් අද එයි

colombotoday

ශ්‍රීලනිප යේ ආරාධනාව මහින්ද සතුටින් බාරගනී !

colombotoday

වව්නියාවෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් මතුවෙයි

colombotoday

පුංචි ඡන්දය ලබන මාර් තුවේ – මැතිවරණ කොමිසම කියයි

colombotoday

අමාත්‍යාංශ විෂය පථයන් බෙදන අලුත් ගැසට්ටුව එයි… කිරිඇල්ලට අලුතින් මොකුත් නෑ…

colombotoday