Colombo Today Sports News

MS ධෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං ධෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ලබා ගන්නා බව සිය ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ සටහනක් තබමින් ඊයේ (15)දින නිවේදනය කළේය.

පසුගිය වසරේ ජූලි මාසයේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් ඉන්දියාව අවසන් පූර්ව වටයට පිවිසීමෙන් පසුව ධෝනි මේ දක්වා එක්දින තරග ක්‍රීඩා කර නොමැති වීම විශේෂත්වයකි.

39 හැවිරිදි මහේන්ද්‍ර සිං ධෝනි සිය ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් තබමින් “ඔබගේ ආදරයට මෙන්ම සහයෝගයටත් ස්තූතියි. පැය 19.29 එනම් රාත්‍රී 7.29 සිට මා විශ්‍රාමිකයකු ලෙස සලකන” ලෙස පවසා ඇත.

2004 වසරේ ඉන්දියාව වෙනුවෙන් එක්දින වරම් හිමි කර ගත් අතර ඔහු 2005 වසරේ දී ටෙස්ට් වරම් හිමිකරගත්තේය.

ඒ අනුව එක්දින තරග 350කදී සහ ටෙස්ට් තරග 90කදී ඉන්දීය කණ්ඩායම නියෝජනය කර ඇති මහේන්ද්‍ර සිං ධෝනි විස්සයි විස්ස තරග 98කදී ඉන්දියාව නියෝජන කර තිබේ.

2007 වසරේදී 31 වන ඉන්දීය නායකයා ලෙස පත්වන මහේන්ද්‍ර සිං ධෝනි එම වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන ඉන්දීය කණ්ඩායම හිමිකරදීමට තරම් වාසනාවන්ත වුණි.

2011 වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති අවසන් තරගය ජයගනිමින් ඉන්දියාව දෙවැනි වරටත් ලෝක කුසලානය කරා රැගෙන යාමට දෝණි සමත්වීම විශේෂත්වයකි.

එමෙන්ම 2013 වසරේ දී ශූරයන්ගේ කුසලානයත් ඉන්දියාවට දිනා දුන් මේ සුවිශේෂී කඩුලු රකින්නා 2009 වසරේ සිට 2011 දක්වා ටෙස්ට් ලෝක ශූරතාව හිමිකර ගත් ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේය.

කෙසේවෙතත් 2014 වසරේ ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදෙන මහේන්ද්‍ර සිං ධෝනි 2017 වසරේ ඉන්දීය නායකත්වයෙන් ද ඉවත් වුණි.

Related posts

රුසියාව පැරදූ යුකේ‍්‍රනයේ එලීනාගෙන් හමුදාවට පරිත්‍යාගයක්

colombotoday

විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල කුසල් පෙරේරා ස්ථාන 10ක් ඉදිරියට

colombotoday

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක තරගය අද

Admin

ක්‍රිකට් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සිව්දෙනෙක් අසමත්

colombotoday

ශ්‍රී ලංකා පිලේ මීළඟ පුහුණුකරු ගැන මාතෘකාව කරළියට. – මහේලට ලැබෙන්න යන දේ

colombotoday

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය දින 4කින් කල් යයි

colombotoday