Colombo Today Local News

මිය ගිය දෙමළ ජනතාව වෙනුවෙන් යාපනයේ සරසවි සිසුන් කලු ජූලිය සමරයි

1983 ජූලි 23 වනදා ඇරඹුනු කලු ජූලිය හේතුවෙන් මිය ගිය දෙමළ ජනතාව සිහිපත් කරමින් 37 වන කලු ජූලිය සැමරුම් වැඩසටහනක් යාපනය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් සමරනු ලැබීය.

පසුගිය වසරවලදී කලු ජූලි සැමරුම වෙනුවෙන් යාපනය සරසවියේ සිසුන් විශාල පිරිසක් සහභාගී වුවද මෙවර කොරෝණා අවධානම හේතුවෙන් සරසවි සිසුන් කිහිප දෙනෙකු පමණක් සහභාගී වී සරසවියේ ශාලාවක් තුලදී සැමරීම සිදු කෙරිණි.

කලු ජූලියේදී මිය ගිය දෙමළ ජනතාව වෙනුවෙන් මෙතෙක් සාධාරණයක්ද ඉටු නොවූ බවටත් යුද්දෙන් මිය ගිය හා අතුරුදහන් වූ ජනතාවටද කිසිදු සාධාරණත්වයක් ඉටු නොවී ඇති බැවින් හැකි ඉක්මනින් ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන ලෙසට කලු ජූලි සැමරුම සිදු කරන ලද සිසුන් වැඩි දුරටත් පැවසූහ

-lanka c news

Related posts

ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන160ක්

colombotoday

දයාසිරි සුසන්තිකාට ඉන්ටර්නැෂනල් වැඩක් දෙයි !

colombotoday

බාල වයස්කාර දැරියක් දූෂණය කර මරා දමා සැඟව සිටි සැකකරු අත්අඩංගුවට

colombotoday

“ජාතික ආණ්ඩුව අස්ථාවර නොකරනු“ – සම්බන්ධන් ජනපතිට කියයි

colombotoday

තවත් ගෑස් නැවක් කොළඹ වරායට.. ප්‍රමිතිය පරීක්ෂා කිරීම ඇරඹෙයි

colombotoday

බස්නාහිර පළාතේ වැටලීම් වලින් 99 දෙනෙකු අත්අඩංගුවේ.

colombotoday