World

මියන්මාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයට දොර වසයි !

‘රකයින්’ පළාතේ සිදු කිරීමට සැලසුම් කරමින් තිබුණ සංචාරයක් මියන්මාර් ආණ්ඩුව විසින් අවලංගු කරන ලද බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

රකයින් පළාතේ ජීවත් වූ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් බංග්ලාදේශයට පළා යාමෙන් අනතුරුව එම ප්‍රශ්නය නිරීක්ෂණය කිරීමේ අරමුණින් එක්සත් ජාතීන් එම සංචාරය සැලසුම් කර තිබුණි.

සංචාරය අවලංගු කරනු ලැබීමට තුඩු දුන් හේතු මියන්මාර් බලධාරීන් විසින් පැහැදිලි කරනු ලැබ නැතැයි යැන්ගන් හි (Yangon) සිටින එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයකු වන ස්ටනිස්ලාව් සැලින් ( Stanislav Saling) බීබීසියට ප්‍රකාශ කළේය.

ලක්ෂ සංඛ්‍යාත රෝහින්ග්‍යා මුස්ලිම් ජනයාට බංග්ලාදේශයට පළා යාමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් විභාගයක් පැවැත්විය යුතුව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියි.

ප්‍රචණ්ඩ මුහුණුවරක් ගත් මියන්මාර් හමුදා මෙහෙයුමක් හමුවේ සහ රෝහින්ග්‍යා අන්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාර නිසා දස දහස් සංඛ්‍යාත මුස්ලිම් ජනකායක් මෙන්ම බෞද්ධ සහ හින්දු ජනයා රකයින් පළාතේ තාවකාලික නවාතැන්හි රැඳී සිටිති.

BBC

Related posts

මලයාසියාවේ අගෝස්තු වන තෙක් හදිසි තත්ත්වයක්.

colombotoday

ඉන්දීය පාලිත කාශ්මීරයට ඇඳිරි නීතිය පනවයි

colombotoday

ඇෆ්ගනිස්තානයේ 08 වන පළාත් අගනුවරත් තලෙයිබාන් සංවිධානය ආක්‍රමණය කරයි

colombotoday

video: රුසියාවේ කෘස් මිසයිල 18ක් ISIS 600ක් මරා දමයි – කැස්පියන් මුහුදේ යුධ නැව්වලින් දැඩි ප්‍රහාර

colombotoday

කෝටි 200ක මුදල් වංචාවට ජැකලින් විත්තිකාරියක් කරයි

colombotoday

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක්

Admin