Colombo Today Local News

මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි තොගයක් ඇසුරුම්කර විකුණයි… මගඩිය පිටුපස වාණිජයට සම්බන්ධ ඇමතිගේ සොයුරෙක්…

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් කුලියාපිටියේදී අත්අඩංගුවට ගත් මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි ‌තොගය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටී.

මිල්කෝ සමාගම විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු සත්ව ආහාර සඳහා නිකුත් කර තිබූ එම කිරිපිටි තොගයෙන් ටොන් 200 ක් අදාල සමාගම විසින් මිලදී ගෙන තිබූ අතර එම කිරිපිටි තොගයෙන් ටොන් 15 කට සිදුවූයේ කුමක්දැයි තවමත් සොයාගෙන නැත. මේ අතර වෙළෙඳාමට සම්බන්ධ ඇමතිවරයෙකුගේ සොහොයුරෙකු අදාළ සිදුවීමට සම්බන්ධ බවට තම සංවිධානය වෙත තොරතුරු වාර්තා වෙමින් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

පරිභෝගික කටයුතු අධිකාරිය විසින් වැටලීම කරද්දී අදාළ සමාගම එම කිරිපිටි මනුෂ්‍ය පරිභෝජනය සඳහා අලෙවි කිරීමට සුදානම් කරමින් තිබී ඇත.

මේ සම්බන්ධව මාධය නිවේදනයක් නිකුත් කළ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය එම නිවේදනයේ මෙසේද සඳහන් කරයි.

1980 අංක 26 දරණ ආහාර පනතේ පස්වන (5) වගන්තියට අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විකිණීම සඳහා ප්‍රධාන ආහාර බලධාරියාගේ නිසි අවසරය ලබා ගත යුතුය. අප සංවිධානයට ලැබී ඇති තොරතුරුවලට අනුව අදාල කිරිපිටි තොගය වෙළදුන්ට විකිණිම සදහා නිසි ටෙන්ඩර් ක්‍රියාපටිපාටියද අනුගමනය කර නැත.

තවද සත්ව ආහාර සදහා මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි මීට පෙර අලෙවි කිරීමේදී එම කිරිපිටිවල පාට වෙනස්වන ලෙස ඩයි කවලම් කර විකුණා ඇති අතර මෙම කිරිපිටි තොගයේ එසේ පැහැය වෙනස් කොට නොමැත.

ඒ අනුව පෙනීයන්නේ කූට ව්‍යාපාරිකයින් විසින් පාරිභෝගිකයින් මුලා කිරීම සඳහා මිල්කෝ සමාගමේ නිලධාරීන්ගේ සහයෝගය ලැබී ඇති බවයි.

එමෙන්ම හොරාගෙ අම්මාගෙන් පේන නොඅසා මිල්කෝ සමාගම විසින් මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි සත්ත්ව ආහාර සඳහා අලෙවි කිරීමේ සිදුවීම පිළිබදව වහාම කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියෝග කරන ලෙස එම ව්‍යාපාරය ජනාධිපතිවරයා වෙතද අවධාරණය කර සිටී.

Related posts

බීමට දිය පොදක් ඉල්ලා පාරට බැස්ස, හිමිනමක් ඇතුළු 32ක් රිමාන්ඩ් !

colombotoday

තවත් ප්‍රදේශ දෙකකට සංචරණ සීමා

colombotoday

ඒකාබද්ධයේ බෙදීමක් තියනවා.. හිට්ලර්ට අපි කොහෙත්ම කැමති නෑ – වාසු

colombotoday

තෙල්දෙණියේ ගිනි නිවන්න STF කැදවයි.. විරෝධතා, පෙලපාලි තහනම්.. ආරක්ෂාව තර කරයි

colombotoday

පැනගිය කොවිඩ් ආසාදිත රැඳවියෙක් දෙමටපිටියෙන් හමුවේ

colombotoday

කෙලවරපිටිය ග්‍රීඩ් උප පොළේ සිට නුගපේ දක්වා විදුලි රැහැන් අදින්න කැබිනට් අනුමැතිය

Admin