පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා පැමිණිලි 2366ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඉන් පැමිණිලි 1722ක් දිස්ත්‍රික්ක මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථාන වෙත ලැබී ඇති අතර පැමිණිලි 664ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති බව කොමිෂන් සභාව පවසයි.
එමෙන්ම ඊයේ (08)දින පස්වරු 04න් අවසන් වූ පැය 24 තුළ ද පැමිණිලි 160ක් ලැබී තිබේ.