Colombo Today Local News

මැතිවරණ ආඥා පනත සංශෝධනයට සැරසේ.. ද්විත්ව පුරවැසියන්ට ජනපතිවරණයට ඉදිරිපත්වීමේ ඉඩකඩ අහුරයි…

ජනාධිපති මැතිවරණයට අදාළ ආඥා පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී සිදුකෙරෙනු ඇත්තේ විදේශීය පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට ජනපති ඡන්දය සඳහා ඉදිරිපත් වීමට තිබෙන ඉඩකඩ අහුරා දැමීමයි. වාර්තාවන ආකාරයට විදේශීය පුරවැසිකම දැරූ යම් තැනැත්තෙක් ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහු හෝ ඇය ඡන්දයට ඉදිරිපත් වීමට වසරකට පෙර අදාළ පුරවැසිකම ඉවත් කරගත යුතුය.

එවැන්නෙක් ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමේදී තමන් පුරවැසිකම වසරකට පෙර ඉවත් කරගත් බව සඳහන් වන සහතිකයද සැපයිය යුතුය යනුවෙන් නව සංශෝධනය සකස් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

මෙම සංශෝධනය සකස් කළ යුතු ආකාරය ගැන රජයේ නීති උපදේශකයන් හා දේශපාලන උපදේශකයන් මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර තිබේ.

දේශය

Related posts

ඉතිහාසයේ මුල්වරට, විශ්වවිද්‍යාල අධ්‍යනයන් සහ පර්යේෂණ පාර්ලිමේන්තුවට !

colombotoday

ඥානසාර හිමියන්ට නිදහස

Admin

දයාසිරි කල චෝදනා වලට එරෙහිව CEYPETCO නීති මගට

colombotoday

මාකදුරේ මධූෂ් සමග රාජ්‍යතාන්ත්‍රිකයෙක්, රියලිටි තරු 6ක් අත්අඩංගුවේ… ඇමති පිරිසක් කලබල වෙයි…

colombotoday

ජන බලවේගයට තවත් දෙදෙනෙක්

Admin

වාහම ක්‍රියාත්මකවන පරිදි දිවයිනටම ඇඳිරිනීතිය පැනවෙයි

Admin