Colombo Today Local News

මැතිවරණයට චීන සල්ලි ලැබුන බව ජාතික මෙහෙයුම් කමිටුව දන්නෙත් නෑ !

2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා චීන සමාගමකින් ඇමරිකානු ඩොලර් මිලියන 7.6 කට අධික මුදලක් ලැබුණ බවක් කිසිඳු ලෙසකින් දැනුවත්ව සිට නැති බව අනාවරණය වෙයි.

එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස සුසිල් ප්‍රේමජයන්ත ද ශ්‍රීලනිප මහ ලේකම් ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතාද පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා දිනවීම සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුවේ ප්‍රධානින් ලෙස කටයුතු කරනු ලැබිණ.

එහෙත් මේ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මාධ්‍ය හමුවේ සඳහන් කර ඇත්තේ පසුගිය ජනාධිපතිවරණ අවස්ථාවේ ඇමරිකානු ඩොලර් මිලියන 7.6ක් තරම් අධික මුදලක් ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ලැබුණු බවට තමන් දැනුවත් නොමැති බවය.

එහෙත් මහින්ද රාජපක්ෂගේ ජාතික මැතිවරණ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මෙතෙක් ඒ ගැන ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

Related posts

ඒකබද්ධ විපක්ෂ පාගමනට දෙතැනකදී තහංචි !

colombotoday

“හැකිනම් තනි ආණ්ඩුවක් හදා පෙන්නන්න“ – ඇමති සුසිල්ගෙන් එජාපයට අභියෝගයක්

colombotoday

ඥානසාර හිමියන්ට භාරදුන් රාජකාරිය කිරිගහට ඇන්නා මෙන් ඉටුකරණ බව සිංහල බෞද්ධ විරෝධී පිරිස් හොඳින්ම දනී.

colombotoday

වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම යාපනයට

Admin

යූරියා ආනයනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 55ක ණයක්

colombotoday

සුනඛයා බේරාගන්න ගිය කතක් දුම්රියේ ගැටී මරුට

Admin