24 C
Colombo
5 April 2025
Colombo Today Local News

මැතිවරණයට අදාළ දිස්ත්‍රික්ක 18ක ජන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

මහ මැතිවරණයට අදාළ දිස්ත්‍රික්ක 18ක ජන්ද පත්‍රිකා මේ වන විට මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලාධිපතිණි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසයි.

මේ වන විට දිස්ත්‍රික්ක 11 ක ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාර දි ඇති බවද ඇය සඳහන් කරයි.

ඒ අනුව ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම විසින් අදාළ දිස්ත්‍රික්ක වෙත බෙදා හැරිමට කටයුතු කරනු ඇති බව මුද්‍රණාලාධිපතිණිය සඳහන් කරයි.

එමෙන්ම ගෘහ දැන්වීම් පත්‍රිකා එළඹෙන 25 වනදාට ප්‍රථම මුද්‍රණය කර අවසන් කිරිමට කටයුතු කරන බවද ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසයි.

මේ අතර උතුරු පළාතේ මැතිවරණ රාජකාරියේ නිරත වන රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේ, මන්නාරමේ හා මුලතිව් අවතැන් වු ඡන්ද දායකයින්ට ඡන්ද මධ්‍යස්ථාන පැවැත් වීමට සිදුව ඇති බවයි.

ගුවන් විදුලි , රූපවාහිනිවල හා පුවත්පත්වල දැන්වීම් මුදල් ගෙවා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් කිසිවක් කිරීමට බලයක් නොමැති බවද පැවසු මහින්ද දේශප්‍රිය මහතා, ප්‍රවෘත්ති හා වෙනත් වැඩසටහන් තුළින් අපේක්ෂකයින්ට සම අවකාශයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවද පවසයි.

මේ අතර මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් ගැසට් පත්‍රය අද මධ්‍යම රාත්‍රීයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතට අනුකූලව අනුගමනය කළ යුතු සෞඛ්‍යමය නිර්දේශ මෙම ගැසට් පත්‍රයේ අන්තර්ගත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් ක‍රයි.

Related posts

මෛත්‍රී ජනපති අපේක්ෂකත්වයට දැම්මේ එජාපයට දිනන්න බැරි නිසයි.. එජාපය අද මල් කඩන්නේ මෛත්‍රී නිසයි

colombotoday

සුළං විදුලි බලගාරයක කේබල් සොරා ගත් 6ක් මාට්ටු

colombotoday

හිරුණිකාට, රංජන්ට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වාගෙන් අභියොගයක් !

colombotoday

“වරාය නගර පනත පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි.. රට තුළ චීන ප්‍රාන්ත ගොඩ නගන්න ආණ්ඩුවට බලය දී නැහැ”

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

තෙල් පෝලිමක සිටි අයෙක් මරුට

colombotoday