Colombo Today Local News

මාළඹේ පුද්ගලික වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකග වෙයි

ආන්දෝලනයට තුඩු දී ඇති මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමට සෞඛ්‍ය අමාතශ්‍යාංශය එකග වී තිබේ.

මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය ලේකම්වරයාට අධිකරණ නියෝගයක් ලබා දී තිබුනේ අදාළ ආයතනයේ සිසුන්ට සායනකික පුහුණුව ලබා දීමට කටයුතු කරන ලෙසටයි. එහෙත් එම නියෝගය ක්‍රියාත්මක නොවන බවට සිසුන් පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොණුකර තිබුණු අතර අද එය විභාගයට ගනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය කියා සිටියේ කඩුවෙල සහ අවිස්සාවේල්ල වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ තුල ඇති රෝහල්වල සායනික පුහුණුව ලබාදීමට එකගතාව පළකරන බවයි. කෙසේවෙතත් එම පුහුණුව ලබාදෙනු ලබන්නේ රුපියල් පනස් දහසක මුදලකට යටත්ව බව ද රජයේ නීතිඥවරිය ප්‍රකාශකර තිබෙනවා.

මේ අතර මාළඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා නොදෙන ලෙස සහ එම වෛද්‍ය විද්‍යාලය තහනම් කරන ලෙස බලකරමින් ඊයේ දිනයේදීද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹදී විරෝධතාවක් පවත්වනු ලැබූ අතර මාධ්‍ය හමුවක් කැදවමීන් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයද එම පෞද්ගලික වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීමට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණා.

Related posts

හිටපු ජනපතිගේ හමුදා ආරක්ෂාව ඉවත් කළාට රට පුරා උද්‍ඝෝෂණ මාලාවක්

colombotoday

ගුවන් යානා 2 කින් යුක්රේන සංචාරකයින් 320 ක් දිවයිනට

colombotoday

බැඳුම්කර මගඩිය තහවුරුයි.. අර්ජුන් මහේන්ද්‍රන් ආයෙත් එපා, විගණකාධිපති නිර්දේශ කරයි.. කෝප් වාර්තාව එනතුරු අගමැති කල්මරයි

colombotoday

යහපාලන සංහිදියා බළකායේ ලේකම් පාක්‍යසෝති, හමුදාවට එරෙහිව ජිනීවාහීදි හයිබ්‍රිඩ් ඉල්ලයි

colombotoday

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළ වනජීවි නිලධාරීන්ගේ සංඛේත වැඩ වර්ජනය අවසන්

colombotoday

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ යෝජනාව අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට

colombotoday