මෙගා වොට් 100ක හදිසි විදුලි මිලදී ගැනීමක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික සමාගම් 3ක් තෝරාගෙන ඇත.
මාස හයකට අදාලව මෙම හදිසි විදුලි මිලදී ගැනීමට අපේක්ෂිතය.
මීට අදාල කොන්දේසි මාලාව අදාල සමාගම් තුන වෙත යොමුකර ඇති බවත්, ඔවුන් ඒ සදහා එකගනම් මේ සතිය තුළදීම අදාල ගිවිසුම අත්සන් කිරීමට අපේක්ෂා කරන බවත් විදුලිබල මණ්ඩලය පවසයි.