Colombo Today Local News

මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමා කඩා දැමීම ගැන ඉස්ලාම් හැරගිය පුද්ගලයන්ගේ සංවිධානයෙන් නිවේදනයක්…

පසුගිය දින කිහිපය තුළ මාවනැල්ල සහ අවට ප්‍රරදේශවල බුද්ද ප්‍රතිමාවලට සිදුකල හානි පිලිබඳ වාර්තවල් නිසා මාවනැල්ල හා අවට ප්‍රදේශවල දැඩි උණුසුම් තත්වය ජාතින් අතර නිර්මාණයවී තිබන අතර මාවනැල්ල නගරයා හා අවට ප්‍රදේශය ආරක්ෂාව තහවුරු කර සාමය ආරක්ෂා කිරීම රජයේ වගකීමක්ය.

2001 වසරේදී  මාවනැල්ල ප්‍රදේශය දරුණුතම ප්‍රචණ්ඩ කාරී තත්වයට මුහුණදී තිබන අතර, මෑත කාලයේදී දිගන ප්‍රදේශයේදීද ජාතින් අතර කෝලාහලයක් දකින්නට ලැබුනා, එවන් අවාසනාවන්ද තත්වය මෙරටතුල තවදුරට අත්වීමට රජය ඉඩ නොදීය යුතුය.

ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය (CEMSL), මාවනැල්ල තුල ඇතිවී තිබෙන තත්වය  ගැන, සැලකිලිමත් වන බැවින්, ඒවායේ සිදුවීම් බලඩාරීන් යුහුසුළුව  ක්‍රියාත්මක වුවානම් පහසුවෙන් පාලනය කළ හැකි යයි අවධාරණය කරමු. එමනිසා මෙම කඩාකප්පල්කාරී  ක්‍රියා සම්බන්ධයෙන්  පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. අහිංසක  පුද්ගලයන්  පීඩාවට හා චෝදනාවට ලක් නොවීමට ආරක්ෂක අන්ශ වග බලාගත  යුතු බව අපි අවධාරණය කරමු.

දැනට පවතින අර්බුදකාරී තත්වය ගැන සිංහල හා මුස්ලිම් සමාජය අවදානෙන් හා විමසිල්ලෙන් ක්‍රියාත්මක කල යුතු අතර, කඩාකප්පල් ක්‍රියාවලට අසු නොවන්නට වග බලාගත යුතුය්.  සමාජය තුළ දකිනට ලැබෙන ඕනෑම අන්තවාදී, මූලධර්මවාදී හා ත්‍රස්තවාදී කොටස් පිළිබඳව පොලීසිය සහ බුද්ධිඅංශයට තොරතුරු දැනුම් දීම මුස්ලිම් සමාජය සතු වගකීමකි. මේවැනි අවස්ථාවන්හිදී මුස්ලිම් සමාජය වඩාත් ඥානවන්තව සහ සාමකාමීව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සිලය (CEMSL) ඉල්ලා සිටිමු.

Related posts

අගමැතිනියගේ කැබිනට් පත්‍රිකාව දෙවන වරටත් ප්‍රතික්ෂේපයි

Admin

NVQ 4 උසස් පෙලට සමාන වෙයි

colombotoday

ෆෙඩරල් ක්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට සියල්ල සූදානම් – ද්‍රවිඩ සන්ධානය

colombotoday

එජාප ප්‍රතිසංවිධාන ඇරඹෙයි.. සාමාජිකයන්ට ඩිජිටල් හංවඩුවක් !

colombotoday

පොලිස් මූලස්ථායේ පරිපාලන අධ්‍යක්ෂ තනතුරට පළමු වරට කාන්තා නිලධාරිනියක්

colombotoday

ආපන ශාලාවට ගිය සිසුන්ට කොසුමිටකින් පහර දුන් ගුරුවරයෙක්

Admin