Colombo Today Sports News

මාලි ගැන විශේෂ තීරණයක් ලබන 21 වනදා

බංගලාදේශය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කර තිබෙනවා.

අදාළ තරගාවලියට තරග තුනක් ඇතුළත්.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් අනතුරුව ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

කෙසේ වෙතත්, මාලිංගව ඉතිරි තරග ද්වීත්වය සඳහා සහභාගී කරගැනීමට තමන් බලාපොරොත්තු වන බවයි මෙරට ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් ලසිත් මාලිංගගෙන් ඉල්ලීමක් කර තිබුණ ද ඊට නිසි පිළිතුරක් නොලැබි ඇති බව ද සඳහන්.

පෞද්ගලික කාරණාවක් මත ඕස්ටේ්‍රලියාව වෙත ගොස් සිටින ඔහු ලබන 21 වනදා යළි මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව මාලිංග සමඟ මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ද තේරීම් කමිටු සභාපතිවරයා කියා සිටියා.

අදාළ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය ලබන 26 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

Related posts

ජෛව ආරක්ෂණ බුබුලෙන් පිට ගිය මෙන්ඩිස්ට, දික්වැල්ලට සහ ධනුෂ්කගේ තරග තහනම වසරකින් අඩු කර දඩය කෝටියක් කරයි

colombotoday

දෙවැනි එක්දින තරඟය අද

colombotoday

දිමුත් 11 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරයි

colombotoday

අලසකම අහලක නැත! කණ්ඩායමට ආයෙත් මහේල ඇවිත්

colombotoday

අයි.සී.සී.ය සිම්බාබ්වේට ක්‍රිකට් තහනම් කරයි

colombotoday

ශුබ්මන් ගිල් පිටියෙන් ඉවත්ව යයි

Admin