Colombo Today Local News

මාලක සිල්වාට ඇප

අත්අඩංගුවට ගනු ලැබු හිටපු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා මහතා ඇප මත නිදහස් කර තිබේ.

ඊයේ (11)දින මාලක සිල්වා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනි.

තලංගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජනය කර රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබා ගැනීමට තැත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජුලි මස 16 වන දා තලංගම පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඊයේ (11)දින රාත්‍රී 8.40ට පමණ සැකකරු අත්අඩංගුවට ගැනුණි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (12)දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ඇප මත නිදහස් කර තිබේ.

Related posts

ශ්‍රීලනිප මීළග අගමැති අපේක්ෂකයා ගෝඨාභය !

colombotoday

ෆෙඩරල් යෝජනාව ගැන ආණ්‌ඩුව නිහඬ එය පිළිගන්නා නිසාද?

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට

colombotoday

‘අපි දෙන්නා යාළුයි‘… උණුසුම් හාදුවක් සමග මංගලගෙන් රවීට සුබ පැතුම්

colombotoday

විදේශගත ලාංකිකයින්ගේ කටයුතු වෙනුවෙන් විශේෂ කාර්යාලයක්

Admin

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් නිදහස්

Admin