Colombo Today Local News

මාතලේ මහ නරාධිපතිගේ සේවය අත්හිටුවයි

මාතලේ මහ නරාධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත් ආණෟඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ විසින් තාවතාලිකව අත්හිටුවිමට පියවර ගෙන තිබේ.

ඉකුත් කාලයේදී නගරාධිපතිවරයාගේ කටයුතු පිළිබද විමර්ශනය කිරීමට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සරෝජනි කුසලා වීරවර්ධන මහත්මිය පත්කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කොට ඇත.

මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ විසින් ගැසට් නිවේදනය නිකුත් කරමින් තමන්ට පැවරී ඇති බලතල අනුව 2020 අගෝස්තු 25 වන දින අංක 2190/24 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මාතලේ නගරාධිපතිවරයාගේ සේවය අත්හිටුවීම සිදුකර ඇති අතර මාස 03 ක කාලසීමාවක් ඇතුලත පරික්ෂාකර කරුණු වාර්තා කිරීමට කොමිසමට බලතල ලබා දී ඇති බවයි.

ඒ අනුව 1989 අංක 12 දරණ පළාත් සභා ( අනුසාංගික විධිවිධාන) පනත 02 යටතේ 02 වන වගන්තිය සමග කියවියයුතු සංසෝධිත මහනගර සභා ආඥාපනත යටතේ (252 අධිකාරිය) 277 (i) ( ආ) ( අ) මෙම නියෝගය ආණ්ඩුකාරවරයා විසින් නියෝග කර තිබේ.

මාතලේ මහ නගර සභාවේ දැනට නියෝජ්‍ය නගරාධිපති ධුරයෙහි කටයුතු කරන සංදනම් ප්‍රකාශ් මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාගේ කාර්යයන් ඉටුකිරීමට හා බලතල ක්‍රියාත්මක කිරිමට බලය පවරා තිබේ.

Related posts

පොලිසියේ ලොකු පුටු රැසක බල වෙනසක්

Charith Sankalpana

යාපනය කොට්ඨාසයේ ජය සජිත්ට

colombotoday

නන්දිකඩාල් කලපුවේ කොටි සමරයි..

colombotoday

බැඳුම්කර බෑණා ජනපති කොමිසමටත් වෙට්ටු දමයි..! නීතිපතිගෙන් දැනුම් දීමක්

colombotoday

පාසල් ගුරුවරුන් එන්නත්කරණය 12 වන දා සිට

colombotoday

වසර 100කට වඩා පැරණි පොලිස් මූලස්ථානය අත්තිඩිය ට

colombotoday